රටේ අනාගතය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් හැම අංශකින් ම රට ස්වයංපෝෂිත කළ යුතුයි
2020-12-27 15:26:01
Share with:

රටේ අනාගතය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් හැම අංශකින් ම රට ස්වයංපෝෂිත කළ යුතුයි_fororder_SPS-23.12.2020

රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව හෝමෝන පෙති හා කරල් නිෂ්පාදානාගාරය විවෘත කිරීමේ උත්සවය පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

“අලුත් රටට අලුත් බෙහෙත්” යන සංකල්පය යටතේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් අලුතින් නිෂ්පාදනය ඇරඹූ ෆ්ලුකොෂසිලින්  ඖෂධ පෙති සංකේතාත්මකව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීම ද එම අවස්ථාවෙදී  සිදුවිය.

එම උත්සව සභාව අමතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්වීය.

"2012 වසරේ දී තමයි අපිට මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න අනුමැතිය ලැබුණේ. එදා මිලියන 4470ක් අපි මේ සඳහා වෙන් කරලා තිබුණා. ඒ නිසා ඖෂධ නීතිගත සංස්ථාවේ ධාරිතාව දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. අපි දන්නවා අපේ ඖෂධ වලින් සියයට 70%ක් විතර ගෙන්වන්නේ ඉන්දියාවෙන්, පාකිස්ථානයෙන් හා බංග්ලාදේශයෙන්. ඉතිං එහෙම අපි ගේනවා නම් අපිට තියෙනවා වගකීමක්, මේ රටේ ඒ ඖෂධ නිෂ්පාදනය කරන්න. ඒ සඳහා අවශ්‍ය ඥානය, බුද්ධිය තියෙන පිරිස් අපිට ඉන්නවා.“

“ඒ නිසා එවැනි අවස්ථාවක දී අපි ඥානයෙන්, බුද්ධියෙන් සේවයක් ලබා ගත යුතු යැයි විශ්වාස කරනවා. වෛද්‍ය අංශයෙන් වේවා, වෙනත් අංශයකින් වේවා අපි කළ යුතුව තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමයි. අද මේ ආයතනයට ඇවිල්ලා නව ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න හැකිවීම ගැන මම සන්තෝෂ වෙනවා. “

රටක් හැම අංශයකින් ම ස්වයංපෝෂිත කිරීමට උත්සාහ කළ යුතුය.සිය රටේ නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක් ම සිය රටේ ම නිෂ්පාදනය විය යුතුය . එසේ කිරීමෙන් රටේ අනාගතය ගැන බලාපොරොත්තු තබා ගැනීමට හැකි වේව්.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන