සම්බාධක කෙරෙහි උනන්දුවෙන් සිටින ඇමරිකානු දේශපාලන ඥයින් අවසානයේ පසුබෑමකට ලක් වීම නියතය
2020-12-24 19:37:46
Share with:

සම්බාධක කෙරෙහි උනන්දුවෙන් සිටින ඇමරිකානු දේශපාලන ඥයින් අවසානයේ පසුබෑමකට ලක් වීම නියතය_fororder_TIM图片20201224193234

එකඟ නොවුන හොත් සම්බාධක පැණවීමට සිදු වේ.

ගතවු  වසර කිහිපය තුළ, කිසිදු වෘත්තීය ගුණාත්මකභාවයක් නොමැති ඇතැම් දේශපාලනඥයින්ගේ      කූටකම් යටතේ, සම්බාධක පැනවීම ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියක් බවට පත්විය. සංඛ්‍යාලේඛනවලට අනුව, වත්මන් ඇමරිකානු රජය 2017 දී බලයට පත්වූ දා සිට සම්බාධක 3,900 කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කර තිබේ. එය දිනකට තුන් වතාවක් “සම්බාධක බස්තම”එසවීමට සමාන ය. සාම්ප්‍රදායික මිත්‍රයින්ගේ සිට, පැරණි සතුරන් සහ නව සතුරන්, උපායමාර්ගික විරුද්ධවාදීන් දක්වා සියල්ලන්ම ඇමරිකානු දේශපාලනඥයින් විසින් වික්ෂිප්තව මර්දනය කරනු ලැබ තිබේ.

ඇමරිකානු දේශපාලනඥයන් සම්බාධකවලට ඇබ්බැහි වන්නේ ඇයි? හමුදාමය මැදිහත්වීම හා සසඳන විට සම්බාධක පැණවීමට පිරිවැය අඩු වන බැවින් එය ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්ති සම්පාදන කරන්නන් අතර අතෘප්තිය දුරු කිරීමේ ලාභ ක්‍රමයක් බවට පත්වී ඇත.

වත්මන් ලෝකයේ, විශාල රටක් හෝ වේවා කුඩා රටක් හෝ වේවා එකිනෙකාට ගරු කිරීම සමාන විය යුතුය. සංවාද තුළින් ආරවුල් විසඳීම සහ උපදේශනය තුළින් වෙනස්කම් විසඳීම ජාත්‍යන්තර සබඳතා හැසිරවීමේ නිවැරදි ක්‍රමයයි. සම්බාධක පැණවීමෙන් වෙනත් රටවල ගෞරවයට සහ පරමාධිපත්‍යයට හානි වන බැවින් කිසිදු ස්වෛරී රටක් යටත් වීමට අකමැතිය. සෑම අවස්ථාවකදීම “සම්බාධක දණ්ඩ” භාවිතා කිරීමෙන්  ප්‍රායෝගිකව ගැටලු විසඳීමට අසමත් වීම පමණක් නොව, තමන් ලෝකයේ සතුරන් බවට පත් වීම ද සිදු වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන