ගමනාගමනය පිළිබඳ පොදු ඉරණම සහිත මානව ප්‍රජාවක් ගොඩ නැගීම වෙනුවෙන් චීනයේ දැවැන්ත කැපවීමක්
2020-12-24 18:53:27
Share with:

ගමනාගමනය පිළිබඳ පොදු ඉරණම සහිත මානව ප්‍රජාවක් ගොඩ නැගීම වෙනුවෙන් චීනයේ දැවැන්ත කැපවීමක්_fororder_rBABC1_jKTuAGijZAAAAAAAAAAA357.901x620.900x620

ගෝලීය වශයෙන් ගමනාගමනය පිළිබඳ පොදු ඉරණම සහිත මානව ප්‍රජාව ගොඩ නැගීම ඉදිරියට මෙහෙයවීම වෙනුවෙන් චීනය කැපවීමෙන් ඉදිරිපත් වෙයි.

‘ චීනයේ ගමනාගමනය පිළිබඳ තිරසර සංවර්ධනයේ ’ ධවල පත්‍රිකාව චීන රජය ඉකුත් 22වැනි දා නිකුත් කළේ ය. 2019 වසර අවසානය වන විට, අධිවේගී දුම්රිය මාර්ග දුර ප්‍රමාණය හා අධිවේගී මහා මාර්ග වල සමස්ත දුර ප්‍රමාණය ඇතුළු ගමනාගමනයට අදාළ දත්ත රැසක් අතින් චීනය ලෝකයේ පෙරමුණ ගෙන ඇති බව එම ධවල පත්‍රිකාවේ දැක්වෙයි. වර්තමානයේ, චීනය විශාල ගමනාගමනය සහිත රටක සිට බලවත් ගමනාගමනය සහිත රටක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බව ඉන් පිළිබිඹු වෙයි.

විශේෂයෙන් ම මෙම වසරේ පැතිර යන නව කොරොනා වසංගතය මධ්‍යයේ, වසංගත පාලන සැපයුම් සාර්ථක ව ප්‍රවාහනය කරනු ලැබීම සඳහා චීනය මුළු ශක්තියම යොදා  ඉලක්ක සාක්ෂාත් කර තිබේ. එමගින්, ලෝකය එකමුතුවෙන් යුක්තව වසංගතය සමග සටන් කිරීම හා ලෝක ආර්ථික පුනරුත්ථාපනය ප්‍රවර්ධනය කර ඇත.

2035 වසර වන විට, බලවත් ගමනාගමනය සහිත රටක් ලෙස චීනය මූලික වශයෙන් ගොඩ නැගීමට සැළසුම් කර තිබේ. ජනතාව කේන්ද්‍ර කර ගත් චීනය, ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව ගමනාගමනය සංවර්ධනය කිරීම අඛණ්ඩ ව ඉදිරියට මෙහෙයවනු ඇත. එමෙන් ම, ගෝලීය සම්බන්ධීකරණය චීනය නොකඩවා ම ඉදිරියට ගෙන යන අතර, පොදු ඉරණම සහිත මානව ප්‍රජාවක් ගොඩ නැගීම වෙනුවෙන් ‘ චීනයේ වගකීම් හා යුතුකම් ’ විදහා දක්වනු නොඅනුමානයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන