චීනයේ බලශක්ති සහයෝගීතාවය වඩාත් පිරිසිදු හා අලංකාර ලෝකයක් බිහි කිරීමට ඉවහල් වේ
2020-12-23 18:33:34
Share with:

චීනයේ බලශක්ති සහයෝගීතාවය වඩාත් පිරිසිදු හා  අලංකාර ලෝකයක් බිහි කිරීමට ඉවහල්  වේ

පසුගිය 21 වැනිදා  චීනය"නව යුගයේ චීනයේ බලශක්ති සංවර්ධනය"යන ධවල පත්‍රිකාව නිකුත් කළේය. එම ධවල පත්‍රිකාව අනුව මේ දක්වා චීනය ලෝකයේ 100 කට වැඩි රටවල් හා ප්‍රදේශ සමඟ පුළුල් බලශක්ති වෙළඳාම, ආයෝජන, නිෂ්පාදන ධාරිතාව, උපකරණ සහ තාක්‍ෂණය ආදි ක්ෂේත්‍රවල සහයෝගීතා  පවත්වා තිබේ. විශේෂයෙන් ගෝලීය බලශක්තිය හරිත හා අඩු කාබන් සංක්‍රාන්තිය සහ පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට චීනය විශාල කැපවීමක් කරමින් සිටී.

චීනයට බලවත් හැකියාවක් හිමි වීම ඊට ප්‍රධාන හේතුවකි. වසර ගණනාවක් පුරා, චීනයේ බලශක්තිය සහ අඩු කාබන් සංක්‍රාන්ති ප්‍රයත්නයන් කැපී පෙනෙන ජයග්‍රහණ ලබා තිබේ. අද ලෝකයේ විශාලතම පුනර්ජනනීය බලශක්ති වෙළඳපොලක් වන චීනය ලොව විශාලතම පිරිසිදු බලශක්ති උපකරණ නිෂ්පාදක රටකි. එවන් ජයග්‍රහණ සමග අඩු කාබන් බලශක්ති සහයෝගීතාවයට ශක්තිමත් “ගෝලීව” පදනමක් දමා ලොව පුරා පුනර්ජනනීය බලශක්ති පිරිවැය අඩු කිරීම ප්‍රවර්ධනය කරමින් ගෝලීය බලශක්ති සංක්‍රාන්ති ක්‍රියාවලිය වේගවත් කිරීමට චීනය සමත් විය.

චීනය ලොව පුරා බොහෝ ස්ථානවල ජාත්‍යන්තර බලශක්ති සහයෝගීතාව ප්‍රවර්ධනය කරද්දී,  අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රාහී ප්‍රතිඵල යන මූලධර්මය සැමවිටම අනුගමනය කර ඇති බව පෙන්වා දිය යුතුය. චීන සමාගම් හවුල්කාර රටවල අවශ්‍යතා සපුරාලන ඉහළ මට්ටමේ බලශක්ති ව්‍යාපෘති ගොඩන‍ඟා, එම රටවලට හිමි සම්පත් වාසි සංවර්ධන වාසි බවට හැරවීමට  උදව් කළේය. එමගින් එම රටවල තාක්‍ෂණික ප්‍රගතිය, රැකියා ව්‍යාප්තිය, ආර්ථික වර්ධනය සහ එහි ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට සමත් විය . වෙළඳපොල නීතිවලට ගරු කිරීමෙන් සහ සියලු පාර්ශවයන් අතර සැබවින්ම ලාභාංශ බෙදාගැනීමෙන් පමණක් සහයෝගීතාවය ඉදිරියට පවත්වා ගෙන වඩාත් තිරසර විය හැකි බව මින් පෙනී යයි.

වගකිවයුතු ප්‍රධාන රටක් ලෙස චීනය පිරිසිදු හා අඩු කාබන් දෙසට නැඹුරු වූ නව වටයේ බලශක්ති ප්‍රතිසංස්කරණයක් ප්‍රවර්ධනය කර, ගෝලීය බලශක්තියේ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට දැඩි අධිෂ්ඨානයෙන් සිටී. මෙයින් චීනය වඩාත් හරිත බවට පත් වී ලෝකය වඩාත් පිරිසිදු හා අලංකාරවත් කරනු ලැබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන