චීන රජයේ ෂින්ජියාං පාලනය කිරීමේ ප්‍රතිපත්තිය කලාපීය ස්ථාවරත්වය සහ සංවර්ධනය දැඩි ලෙස ප්‍රවර්ධනය කර ඇති බව එම ජනතාව සනාථ කරති
2020-12-22 20:45:02
Share with:

චීන රජයේ ෂින්ජියාං පාලනය කිරීමේ ප්‍රතිපත්තිය කලාපීය ස්ථාවරත්වය සහ සංවර්ධනය දැඩි ලෙස ප්‍රවර්ධනය කර ඇති බව එම ජනතාව සනාථ කරති

ෂින්ජියාං ප්‍රශ්නය සම්බන්ධයෙන්, ප්‍රදේශවාසීන් වැඩිපුරම පවසන්නේ. "අපට රැකියාවට නොයන්න, වැඩිපුර මුදල් උපයන්න, වැඩි නිපුණතා ලබා ගන්න, අපේම දෑතින් අපේ ජීවිත වෙනස් කරන්න, අපට තවමත් අන් අයෙග් බලහත්කාරකම් දැරිය යුතුද?" යන්නයි. ෂින්ජියාං උයිගුර් ස්වායත්තයේ  ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඊනියා ෂින්ජියාං හි බලහත්කාරයෙන් වැඩ කිරීම සම්බන්ධෙයන් මේ ආකාරයෙන් ප්‍රතිචාර පළ විණ.

ප්‍රවෘත්ති සාකච්ඡාවේදී, ෂියාලි ඇතුළු ෂින්ජියාං හි ප්‍රදේශවාසීහු සිව් දෙනෙක් දේශීය හා  විදේශීය වාර්තාකරුවන් සමඟ මුහුණට මුහුණ අදහස් හුවමාරු කර ගත්හ. ඔවුහු අත්දැකීම් උපයෝගී කරගනිමින් ඇමරිකාවේ සහ බටහිර රටවල ඇතැම් දේශපාලනඥයින් විසින් ඉදිරිපත් කරන ලද විශාල බොරු හෙළිදරව් කළහ.මෙම වසර ආරම්භයේ සිට, ඇමරිකාවේ සහ බටහිර රටවල සමහර චීනවිරෝධී බලවේග මානව හිමිකම් ධජය යටතේ ෂින්ජියාංහි "බලහත්කාරයෙන් වැඩ කිරීම" පිළිබඳ ප්‍රශ්නය දිගින් දිගටම උද්දීපනය කළේය. ෂින්ජියාං හි නිලධාරීන්, ආයතන සහ සමාගම්වලට සම්බාධක පැනවීම සඳහා අදාළ පනත් කෙටුම්පත් ඉදිරිපත් කළේය. සමහර ඇමරිකානු දේශපාලනඥෙයෝ හිතාමතාම චීනයේ ජාතික සබඳතා අවුලුවාලීමට සහ ජාත්‍යන්තර ප්‍රජාව ඇවිස්සීමට මෙය භාවිතා කළ අතර එමඟින් ජාත්‍යන්තර මහජන මතය නොමඟ යවා චීනය අපකීර්තියට පත් කිරීමේ නපුරු අරමුණ සාක්ෂාත් කර ගත්හ.

ඇත්ත වශයෙන්ම, රැකියා ස්ථාවර කිරීම සහ ජනතාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම චීන රජයට තිරසාර හා ස්ථාවර ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා වැදගත් සහතිකයකි. ඒවා ෂින්ජියාංහි දිගුකාලීන ස්ථාවරත්වය සහ සියලු ජනවාර්ගික කණ්ඩායම්වල අවශ්‍යතා සම්බන්ධ ප්‍රධාන කරුණු වේ.

තමා ෂින්ජියාං හි අක්සු ප්‍රදේශයේ රැකියාවට පැමිණ වසරක පමණ කාලය තුළ මාසික වැටුප යුවාන් 5,000 කට වඩා වැඩි වූ අතර එය තමා සහ තම පවුලේ අයගේ ජීවිත සාර්ථකව වැඩිදියුණු කළේයැයි ඊයේ (21 )පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී 23 හැවිරිදි ෂින්ජියාං කාන්තාවක් වන පයි Yeyan tulsun පැවසුවාය. වර්තමාන වැඩ සහ ජීවිතය පිළිබඳව සෑහීමකට පත්වෙමින්  නිදහසින් හා සතුටින් සිටින්නේ යැයි ඇය කියා සිටියාය.

චීන රජයේ ෂින්ජියාං පාලනය කිරීමේ ප්‍රතිපත්තිය කලාපීය ස්ථාවරත්වය සහ සංවර්ධනය දැඩි ලෙස ප්‍රවර්ධනය කර ඇති බව සනාථ කිරීම සඳහා ෂින්ජියාං හි ජනතාව තමන්ගේම අත්දැකීම් භාවිතා කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන