ඇමරිකාව මෙතෙක් බරපතල ම කොරොනා වසංගත තත්ත්වයට මුහුණ දුන් ගෙවී ගිය දින 7
2020-12-22 10:46:16
Share with:

ගෙවී ගිය දින 7 ඇමරිකාව මෙතෙක් බරපතල ම කොරොනා වසංගත තත්ත්වයය මුහුණදී සිටි බව ඇමරිකානු ගුවන් විදුලි සංස්ථාව 19වැනි දා වාර්තා කළේ ය. එම දින 7 තුළ ඇමරිකාවේ දෛනිකව වැඩි වූ කොරොනා ආසාදන සංඛ්‍යාව 2 ලක්ෂ දස දහස ඉක්මවා ගිය අතර දෛනිකව වාර්තා වූ මරණ සංඛ්‍යාව 18 දහසකට අධිකය.

පසුගිය දා ඇමරිකාවේ කාලීන හා දේශපාලන වෙබ් අඩවියක් විසින් රජය කොරොනා වසංගතයේ බරපතලකම අවතක්සේරු කිරීම හා ප්‍රතික්ෂේප කිරීම “2020 වසරේ වාර්ෂික බොරුව”වශයෙන් නම් කර ඇත. එම බොරුව නිසා සාමාන්‍ය හානි නොව විශාල ජීවිත හානි සිදු වී තිබෙන බව එම වෙබ් අඩවිය පෙන්වා දෙයි.

පසුගිය 19වැනි දා Washington Post පුවත්පත දිගු ලිපියක් පළ කරමින් ගෙවී ගිය මාස 10කට වැඩි කාලය තුළ ඇමරිකානු රජය විසින් සිදු කරන ලද වැරදි හෙළි කර තිබේ. “ ජනාධිපතිවරයා මහජන සෞඛ්‍ය අර්බුදය සමනය කිරීමේ වගකීම අත්හැර ඇත. ඒ වෙනුවට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමට ඔහු උනන්දු විය.” යනුවෙන් එම ලිපිය අදහස් දක්වමින් විවේචනය කර ඇත.

‍දේශීය ‍කොරොනා වසංගත තත්ත්වය මෙතරම් බරපතල ව පවතින නමුත් ඇමරිකානු රජය එය නොතකා ජාත්‍යන්තර වශයෙන් විවිධ ප්‍රශ්න ඇති කරමින් සිටී. ඉදිරි මාස 3 තුළ ඇමරිකාවේ 2 ලක්ෂ 37 දහසකට වැඩි කොරොනා මරණ සිදු වනු ඇතැයි Washington විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් ආයතනය ඇස්තමේන්තු කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන