ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්ධනයට චීන සමාගම් ලබාදෙන දායකත්වය අධ්‍යාපන අමාත්‍යවරයා‍ ගේ පැසසුමට
2020-12-21 09:56:51
Share with:

වසංගත තත්ත්වයට ගොදුරු වූ ලෝකයේ බොහෝ රටවලට, සන්‍නිවේදනය හා තොරතුරු තාක්ෂණයේ වැදගත්කම මනා ලෙස අවබෝධ වී තිබෙනවා. එම තාක්ෂණය මත ගොඩනැගෙන ඩිජිටල් ආර්ථිකය, 21 වන සියවසේ ප්‍රධාන සංවර්ධන ප්‍රවණතාවක් බව ශ්‍රී ලංකාව ඇතුළු එම රටවල් වටහා ගෙන සිටිනවා. රටේ අනාගත ඩිජිඩල්කරණ සංවර්ධනයට ප්‍රවීණයන් ඇති කිරීම සඳහා, තරුණ පරපුර වෙනුවෙන් සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීමට ජාත්‍යන්තර අදහස් හුවමාරු වේදිකාවක් සලසා දීම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය චීනයේ හුවාවෙයි සමාගම සමග සහයෝගතාවෙන් කටයුතු කර තිබෙනවා.

අදාල සහයෝගතාව යටතේ, ‘අනාගතය සඳහා බීජ’ නම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලාංකික තරුණ තරුණියන‍් ගේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය හා අදාල කර්මාන්තය පිළිබඳ අවබෝධය වැඩිදියුණු කරමින් ඔවුන්ට වැඩි වෘත්තීය දැනුම් හා නිපුණතාවන් ඉගැන්වීම එම ව්‍යාපෘතියේ අරමුණයි.

මෙය ශ්‍රී ලංකා රජය ගත් දූරදර්ශී පියවරයක් ලෙස පැවසිය හැක්කේ, මෙම ව්‍යාපෘතිය වසර 2016 සිටම ආරම්භ කෙරුණු නිසයි.  මේ වන විට ශ්‍රී ලාංකික සිසුන් හතලිස් දෙනෙක් එම ව්‍යාපෘතියට එක් වී චීනයට පැමිණ පුහුණු වීමේ අවස්ථා ද දිනා ගෙන තිබෙනවා.  වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වසරේ ව්‍යාපෘතියට එක් වන සිසුන්ට මාර්ගගත ලෙස පුහුණු වීම්වලට එක් වීමට වෙනවා.

කෙසේ වුවද පසුගියදා වසර  2020 ‘අනාගතය සඳහා බීජ’ ව්‍යාපෘතියේ ආරම්භක උළෙල කොළඹදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ සන්‍නිවේදන, තොරතුරු හා ඩිජිටල් සංවර්ධන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් හුවාවෙයි සමාගම සලසා දුන් මහඟු අනුබලයට ප්‍රශංසා පළ කරන බවත් ව්‍යාපෘතියට එක් වන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට මෙයින් ඉමහත් ප්‍රගතියක් දිනා ගත හැකි යැයි විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ආරම්භක උළෙලට එක් වෙමින් පැවසුවා.

ඩිජිටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, රටේ අඛණ්ඩ සංවර්ධනය සඳහා වන වැදගත් සම්පතක් ලෙස සැලකෙනවා. තරුණ පරපුරේ ඩිජිටල් තාක්ෂණ හැකියාව ඉහල නංවාලීමට සැලකිල්ල දැක්වූ ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථික ක්‍ෂේත්‍රයේ ජය දිනා ගැනීමට අපේක්ෂා කරමු.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන