දේශගුණික විපර්යාසය පිළිබඳ ප්‍රශ්නයේ දී අක්‍රීය ආකල්පයක සිටින ඔස්ට්‍රේලියාව
2020-12-15 19:39:38
Share with:

වසර 2030 වන විට සිය කාබන් විමෝචන ප්‍රමාණය වසර 2005ට වඩා සියයට 26ත් 28ත් අතර මට්ටමකින් අඩු කිරීමට ඔස්ට්‍රේලියාව පොරොන්දු දී තිබිණ. ඒ, එම රට වසර පහකට පෙර පැවති දේශගුණික විපර්යාසය පිළිබඳ පැරිස් සම්මේලනයට එක්වූ අවස්ථාවේදී ලබා දුන් ප්‍රතිඥාවකි. එහෙත් පසුගිය වසර අග භාගයේ සිදු කෙරුණු ඇස්තමේන්තුවකට අනුව වසර 2030  වන විට ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචන ප්‍රමාණය වසර 2005ට වඩා සියයට 16කින් අඩු විය හැකිය. වසර 2019 සැප්තැම්බර් මාසයේ එරට ආරම්භ වූ මහා ලැව් ගින්න මාස හතරක් පුරා පැවතිණ. වර්ග කිලෝමීටර් එක් ලක්ෂ පහලොස් දහසක භූමි ප්‍රමාණයක‍ට එය බලපෑවේය. සතුන් කෝටි 300කට ජීවිතය හෝ උන්හිටිතැන් අහිමි විය. ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ලැව් ගින්න පාලනය කිරීමේදී දැක්වූ අයෝග්‍යතාව, පුළුල් දෙස් විදෙස් විවේචනයට ලක් ව ඇත.

ඔස්ට්‍රේලියානු ජනගහණය ලෝකයේ සමස්ත ජනගහණයෙන් සියයට 0.3ක් පමණ ගෙන ඇති නමුත්, ඒකපුද්ගල කාබන්‍ඩයෝක්සයිඩ් වායු විමෝචන ප්‍රමාණය ඉහලම රටවල්වලින් එකකි. එහෙත් දේශගුණික විපර්යාසය පිළිබඳ ප්‍රශ්නය සඳහා එරට අක්‍රීය ආකල්පයක සිටී. ඇමරිකාව හැරුණු විට, කියෝටෝ ගිවිසුමට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරන එකම කාර්මික රට ඔස්ට්‍රේලියාව ය.  පසුව පැරිස් ගිවිසුමට අත්සන් තබා ඇති නමුත්, ඇමරිකාව එම ගිවිසුමෙන් ඉවත් වීමත් සමගම ඔස්ට්‍රේලියාව ද ගිවිසුමෙන් ඈත් වීම‍ට පටන් ගත්තේය. සංවර්ධිත රටක් වශයෙන් දේශගුණික විපර්යාසය පිළිබඳ ප්‍රශ්නය පාලනය කිරීමේදී ඔස්ට්‍රේලියාව දැක්වූ ක්‍රියා හා ආකල්පය, කණගාටුදායකය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන