අසාර්ථක කොරොනා පාලනය හේතුවෙන් ඇමරිකාවේ අර්බුද රැසක්
2020-12-10 20:37:58
Share with:

"ඔහුගේ පාලන කාලය තුළ ඔහු අතහැර දමා ඇත්තේ නටබුන් අතර හිර වී සිටින ඇමරිකාවක්. ඇමරිකාව සිවිල් යුද්ධයෙන් පසු කිසි කලෙක අද තරම් බෙදී ගියේ නැහැ. " යනුවෙන් පසුගිය ජුනි මාසයේ ප්‍රංශයේ LeFigaro  පුවත්පත ලිපියක් පළ කරමින් ට්‍රම්ප් රජය පිළිබඳව අදහස් දැක්විය. එදා සිට මේ දක්වා මාස 6ක් ගත වීමෙන් පසු ඇමරිකානු ජනාධිපතිවරණයෙන් හට ගත් විවිධ ව්‍යාකුලතාවන් එම අදහස ඔප්පු කර තිබේ.

ධනවතුන් හා දුප්පතුන් අතර පවතින පරතරය අද ඇමරිකානු සමාජයේ දිනෙන් දින වර්ධනය වන බව දක්නට ලැබේ. ඇමරිකාවේ ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය පසුගිය නොවැම්බර් මස නිකුත් කළ වාර්තාවකට අනුව කොරොනා වසංගතය මතු වූ  පසුගිය මාර්තු මස සිට නොවැම්බර් මස දක්වා ඇමරිකාවේ ප්‍රකෝටිපතිවරුන් 650 දෙනෙකුගේ ධනය ට්‍රිලියනයකින් වර්ධනය වී ඩොලර් ට්‍රිලියන 4කට ළඟා වී ඇත. එහෙත් අසාර්ථක කොරොනා වසංගත පාලනය හේතුවෙන් සාමාන්‍ය ජනතාව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිති. වසංගතය හේතුවෙන් විරැකියාවේ සිටින ජනගහණය මිලියන 10 ඉක්මවා ගොස් තිබේ.

පසුගිය 80 දශකයේ සිට ඇමරිකාවේ ආර්ථික ව්‍යූහය ක්‍රමයෙන් වෙනස් වෙමින් රටේ ධනය හා බලය ක්‍රමයෙන් ධනවතුන් හා ඉහළ ආදායම්ලාභීන්ගේ අතට පත් වෙමින් ඇත. කොරොනා වසංගතය මතු වීමෙන් පසු ධනවතුන් හා දුප්පතුන් අතර පවතින පරතරය තව තවත් ඉස්මතු වේ. ධනවතුන් තව තවත් ධනය හිමි කර ගන්නා අතර දුප්පත්තු තව තවත් දිළිඳුකමින් පෙළෙමින් සිටිති. වත්මන් ඇමරිකානු සමාජය මෙතරම් කෝප වී සිටින්නේත් ජනතාවාදය හිස ඔසවා ඇත්තේත් එබැවිනි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන