ඇමරිකාවේ දේශපාලන දාමරිකකමට බලවත් ප්‍රතිචාර දක්වන බව චීනය කියයි
2020-12-09 15:51:13
Share with:

නිවේදනයක් නිකුත් කරමින්, ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo මහතා චීනය නීත්‍යනුකූල ලෙස සම්පාදනය කර ක්‍රියාත්මක කර ඇති හොංකොං හී ආරක්ෂක නීතියට පදනම් රහිත ව ඊයේ (08) චෝදනා නැගුවේ ය. එමෙන් ම, ඔහු ප්‍රසිද්ධියේ බලහත්කාරයෙන් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු නියෝජ්‍ය සභාපතිවරයාට එරෙහිව ඊනියා සම්බාධක පනවන බවයි. ඇමරිකාවේ මෙවැනි උමතු හා පිළිකුල් සහගත ක්‍රියාවන්, පිළිවෙලට රාජකාරී ක්‍රියාවට නංවන චිනයේ උත්තරීතර නීති සම්පාදන ආයතනයට දැඩි හානි සිදු කිරීමකි. එය, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මූලික සම්මුතීන් දැවැන්ත උල්ලංඝනය කිරීමක් හා චීනයේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීමක් ද වෙයි.  ඇමරිකාවේ මෙම දේශපාලන දාමරිකකමට එරෙහිව, චීනය බලවත් ලෙස ප්‍රතික්‍රියා දක්වමින්, සිය ස්වෛරීභාවය, ආරක්ෂාව හා සංවර්ධන ප්‍රතිලාභ ස්ථිර ලෙස ආරක්ෂා කරයි.

පසුගිය වසරේ ජූනි මාසයේ, විදේශීය බලවේගයන්ගේ සැළසුම් හා උසි ගැන්වීම් යටතේ, චීනයේ හොංකොං විශේෂ පාරිපාලන කලාපයේ උදර්පණ නීතිය සංශෝධනය කිරීම සඳහා කැලඹීමක් ඇති විය. එ සමග ම,  හොංකොං සමාජය ද නොසන්සුන් තත්ත්වයකට පත් වී ඇත.

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව චීනයේ නීති හා ජාත්‍යන්තර රෙගුලාසිය අනුගමනය කරමින්, හොංකොං හි ආරක්ෂක නීතිය සම්පාදනය කළේ ය. එම නීතිය හොංකොං ජනතාවගේ ඉහළ පිළි ගැනීමට ලක් වී ඇත.

ඇමරිකාවේ ඇතැම් අවංක නොවන දේශපාලනඥයන් කොපමණ ආකාරයෙන් චීනයට පීඩා එල්ල කළ ද, ඔවුන්ට චීනයේ ක්‍රියාත්මක ‘ එකම රටක් ක්‍රම දෙකක් ’ යන මූලික ප්‍රතිපත්තිය වෙනස් කළ නොහැකිය. හොංකොං සමාජයේ ස්ථාවරත්වය විනාශ කළ නොහැකි ය. චීන ජාතියේ විශිෂ්ට පුනාර්ජීවනය නතර කළ නොහැකි බව ද අවධාරණය කෙරේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන