සාර්ථකව නිමාව දුටු ආසියාන් ප්‍රදර්ශනය
2020-12-01 20:05:41
Share with:

සාර්ථකව නිමාව දුටු ආසියාන් ප්‍රදර්ශනය

චීන-ආසියාන් ප්‍රදර්ශනය කිසි දිනක අවසන් නොවන අතර එය පුළුල් කිරීමේ හා විවෘත කිරීමේ චීනයේ අධිෂ්ඨානය පෙන්නුම් කරයි

මාර්ගගත හා මාර්ගගත නොවන  ආර්ථික හා වෙළඳ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් 150 කට අධික සංඛ්‍යාවක්, ජාත්‍යන්තර හා දේශීය ආයෝජන සහයෝගීතා ව්‍යාපෘති 86 ක් අත්සන් කළ චීන ආසියාන් ප්‍රදර්ශනය,  එහි  ඉතිහාසයේ ඉහළම ව්‍යාපෘති සංඛ්‍යාව ලෙසට සනිටුහන් විය .නොවැම්බර් 30 වන දින අවසන් වූ 17 වන චීන-ආසියාන් ප්‍රදර්ශනය  විස්මිත වාර්තාවක් පිළිඹිබු කළේ එලෙසිනි. මෙය චීන-ආසියාන් මිත්‍ර සබඳතා සහ ආර්ථික හා වෙළඳ හුවමාරුව සහ සියලු අංශවල සහයෝගීතාව ගැඹුරු කර ඇතිවා පමණක් නොව, පොදු ඉරණම සහිත චීන-ආසියාන් ප්‍රජාවක් සමීපව ගොඩනැගීමේ තවත් විචිත්‍රවත් භාවිතයක් බවට පත්ව තිබේ.

පෙර වසරවලට සාපේක්ෂව මෙම ආසියාන් රැස්වීම කොරොනා වසංගතයේ විශේෂ පසුබිම යටතේ පැවැත්විණ. කොරොනා වසංගතය ඵලදායී ලෙස වළක්වා පාලනය කර ඉහළ මට්ටමේ විවරයක් අනුගමනය කරමින් චීන-ආසියාන් ආර්ථික හා වෙළඳ සහයෝගීතාව අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීමේ චීනයේ අධිෂ්ඨානය පෙන්නුම් කරයි.

යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා නව මාර්ග ඉදිකිරීම මත විශ්වාසය තබමින් “එක් තීරයක් එක් මාවතක්” ආරම්භය සහ “ආසියාන් අන්තර් සම්බන්ධතා ප්‍රධාන සැලැස්ම 2025” අතර සහයෝගිතාව පිළිබඳ චීන-ආසියාන් ඒකාබද්ධ ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීමට ආසියාන් සංගමය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින්නේයැයි චීන-ආසියාන් ප්‍රදර්ශනයේදී චීනය අවධාරණය කළේය. මේ වසරේ චීන-ආසියාන් ප්‍රදර්ශනය විසින් නව බටහිර ගොඩබිම් මුහුදු මාර්ගය සඳහා මාධ්‍ය ප්‍රවර්ධන සම්මන්ත්‍රණයක් සහ “නව බටහිර ගොඩබිම් මුහුදු මාර්ගය සඳහා ජාත්‍යන්තර වෙළඳාම සඳහා නව අවස්ථා” සඳහා තේමා ප්‍රවර්ධන සමුළුවක් ද පවත්වන ලදී. “එක් තීරයක් එක් මාවතක්” ඒකාබද්ධ ඉදිකිරීම චීනය-ආසියාන් සහයෝගීතාවයට නව අවස්ථා ගෙන ඒමට අඛණ්ඩව කටයුතු කරන බව ඉන් දැකගත හැකිය.

ඇත්ත වශයෙන්ම, මේ වසරේ ආරම්භයේ සිට, චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ සිට චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය දක්වා, චීන හා විදේශීය ව්‍යාපාරිකයින්ගේ හුවමාරුව සහ සහයෝගය සඳහා දින 365 ක නිමක් නැති අත්දැකීමක් ලබා දීමට චීනය සැමවිටම කැපවී සිටින අතර, එය විවෘත කිරීමේ පුළුල් කිරීමේ නොසැලෙන අධිෂ්ඨානය පෙන්නුම් කරයි.

විවෘතව ව්‍යාප්ත වෙමින් පවතින චීනයක්, තමන්ගේම ප්‍රකෘතියෙන් ලෝකයේ පොදු ප්‍රකෘතිමත් වීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටී. ඉන් ආසියාන් ඇතුළු ලෝකයේ රටවල් ප්‍රතිලාභ ලබනු ඇත.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන