ජගත් සහයෝගතාවය වෙනුවෙන් චීනය සිදු කළ කැපවීම් ජාත්‍යන්තර ඇගයීමට ලක් වෙයි
2020-11-25 16:59:48
Share with:

2020 වර්ෂයේ ‘චීනය ගැන අවබෝධය කර ගැනීම’ යන ජාත්‍යන්තර සමුළුව පසුගියදා චීනයේ ගුවන්චෞ නගරයේ දී අවසන් විය. බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති James Gordon Brown මහතා වීඩියෝ ආකාරයෙන් එම සමුළුවට එක් වෙමින්, චීනය ජගත් සහයෝගතාවය වෙනුවෙන් සිදු කළ කැපවීම් ඉහළින් අගය කළේය. මේ අතර ඔහු ප්‍රකාශ කළේ, වසංගතය උවදුරක් සේ පැතිර යමින් ආර්ථිකය පිරිහීමට ලක් ව ඇති වර්තමානයේදී ඇතැම් රටවල් සිය රටේ වාසි ආරක්ෂා කිරීමේ උමතු හැසිරීම් ඉතා යෝග්‍ය නොවන බවයි.

ඔහු කී පරිදිම, ඇමරිකාවේ ඇතැම් දේශපාලනඥයෝ ඒකපාර්ශ්විකවාදය හා වෙළඳ දාමරිකවාදය දැඩි ලෙස ක්‍රියාත්මක කරමින් සෙසු රටවල ශිෂ්ටාචාරත්මක රටාවන්ට හා ප්‍රතිඵලවලට දුෂ්ට ලෙස අපහාස කර ඇත. ලෝක ආර්ථිකය මුහුණ දී ඇති අවදානම හා අස්ථිරබව එමගින් කැපී පෙනෙන ලෙස වර්ධනය විය.

අර්බුද රැසක් හමුවේ වුවද සාමය හා සංවර්ධනය පිළිබඳ වත්මන් යුගයේ තේමාව වෙනස් නොවේ. බහුධ්‍රැවීකරණය හා ආර්ථික ගෝලීයකරණය ද පසුපසට යා නොහැක. මේ අතින්, චීනය ඉෂ්ට කළ වගකීම් විදේශීය දේශපාලනඥයින්ගේ පුළුල් ප්‍රසංසාවට ලක් වී තිබේ.

ඉන්දුනීසියා‍වේ හිටපු ජනාධිපතිනි Megawati Soekarno putri මහත්මිය පවසා ඇත්තේ, වසංගතය මතු වූ මුල් කාලයේ විවිධ රටවල් තම රටවල අභ්‍යන්තර කටයුතු පාලනය කිරීමට පමණක් අවධානය යොමු කරද්දී, චීනය තම රට ඇතුළු බොහෝ රටවලට සංවර්ධනාත්මක සහාය ලබා දීම ආරම්භ කර ඇති බවයි.

සැබැවින්ම පසුගිය ඔක්තෝබර් 20 වන දා වන විට චීනය රටවල් 150කට හා ජගත් සංවිධාන හතකට වසංගත පාලන ආධාර ලබා දී තිබිණ. චීනයේ ප්‍රායෝගික ක්‍රියා මගින් අධිපතිවාදී රටවල් ලෝකයට සිදු කළ අහිතකර බලපෑම් අවම වී තිබේ.

චීනය දක්වා ඇති තීරණාත්මක ශක්තිය ද විස්මයජනකය.  වත්මන් සංකීර්ණ තත්ත්වය හමුවේ, විවෘතභාවයෙන් ප්‍රතිසංස්කරණ පුළුල් කිරීම, සහයෝගිතාවයෙන් සංවර්ධනය ඉදිරියට මෙහෙයවීම යන ක්‍රියාමාර්ගය අනුගමනය කිරීම, චීනය විසින් මන්දගාමී කර නොමැත...

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන