Chang'e-5 චන්ද්‍ර ගවේෂණ යානයේ දැවැන්ත මෙහෙවර...
2020-11-24 17:20:41
Share with:

Chang'e-5 චන්ද්‍ර ගවේෂණ යානය සිදු කරන ගවේෂණ කටයුතු වැදගත්ය.

Chang'e-5 චන්ද්‍ර ගවේෂණ යානය චීනය විසින් අද (24) අළුයම සාර්ථකව උඩු ගුවනට යවා ඇත.චීනයේ Chang'e චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ තුන්වන උපාය මාර්ගික අදියර මෙයයි. මෙවර ගවේෂණ මෙහෙයුම මගින් සඳ මත සාම්පල පෘථිවියට රැගෙන ඒම ආපේක්ෂා කෙරේ.ඊට පෙර චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම් හා සැසඳීමේදී එය ඉතා වැදගත් අවස්ථාවකි.

සඳ පිළිබඳ පර්යේෂණ කිරීමට ජගත් ප්‍රජාව දැක්වූ උනන්දුව තුළ ඇමරිකාව හා සෝවියට් සංගමය විසින් ස‍ඳෙහි පස් හා ගල් සාම්පල කිලෝගෑම් 300ක් පමණ එකතු කරගෙන තිබේ.එවැනි සාම්පල හේතුවෙන් සඳ,පෘථිවිය හා සෞර ග්‍රහ මණ්ඩලයේ ආරම්භය පිළිබඳ මිනිසාගේ අවබෝධය විශාල වශයෙන් වැඩි දියුණු වී තිබේ.

1976 වසරේ අගෝස්තු මස 18 වැනිදා සෝවියට් සංගමය විසින් යවන ලද ගවේශණ යානය මගින් ස‍ඳෙහි සාම්පල රැගෙන ආ දවසේ සිට මේ දක්වා වසර 44ක දිගු ඉතිහාසය තුළ මිනිසා විසින් ස‍ඳෙහි නව සාම්පල ලබාගෙන නොමැත.Chang'e-5 චන්ද්‍ර ගවේෂණ යානය, ස‍ඳෙහි මීට පෙර ගවේෂණ යානාවලට යා නොහැකි වූ ප්‍රදේශවලට ගොස් කිලෝගෑම් 2ක පමණ සාම්පල රැගෙන ඒමට අපේක්ෂා කරයි. අදාළ සාම්පල මගින් සඳ පිළිබඳ මිනිසාගේ අවබෝධය වැඩි දියුණු වී, සඳ විද්‍යාව හා සමස්ත අභ්‍යවකාශ ගවේෂණ කටයුතු වලට වැදගත් දායකත්වයක් ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර විද්‍යා ක්ෂේත්‍රය පොදුවේ අපේක්ෂා කරයි.

එය චීන අජටාකාශ විද්‍යාව,අධි තාක්ෂණ කර්මාන්ත සංවර්ධනයට ඉවහල් වන අතර මානව දැනුමේ නිධානයට චීන දායකත්වය ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරේ. මානවයාගේ කුතුහලය තෘප්තිමත් කිරීම පමණක් නොව,මානවයාගේ දිගු කාලීන සංවර්ධන මාර්ගය සොයා ගැනීම, චීනය අභ්‍යවකාශ ගවේෂණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ බව පැහැදිලිය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන