ගෝලීය දරිද්‍රතාව පිටුදැකීමට ෂී ජින්පිං මහතාගෙන් සවිස්තරාත්මක යෝජනාවලියක්
2020-11-24 17:21:58
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 22 වනදා රාත්‍රීයේ වීඩියෝ ආකාරයෙන් පැවති ජී20 කණ්ඩායමේ නායකයින්ගේ 15 වන සමුළුවේ දෙවන අදියරේ සැසියට එක් විය. එහිදී ඔහු අඛණ්ඩ සංවර්ධනය පිළිබඳ සිය චින්තනය පහදා දෙමින් ‘සංවර්ධනය දිළිඳු ගැටළු විසඳීමේ පොදු යතුර’ බව  අවධාරණය කළේය.

ගෝලීය දරිද්‍රතාව පිටුදැකීමට අවධානය යොමු කරමින්, ෂී ජින්පිං මහතාගේ චින්තනය සවිස්තරාත්මක යෝජනාවලියක් ලෙස ද ඉදිරිපත් කර ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවලට අවශ්‍ය මුල්‍යමය අනුබලය ලබා දීම,  යටිතල පහසුකම් සංවර්ධනය ඉදිරියට මෙහෙයවීම, වෙළඳ බාධාවන් අවම කිරීම, දරිද්‍රතාව පිටුදැකීමට ඩිජිටල් ආර්ථිකයේ කාර්යභාරය ඉටු කිරීම යනාදිය ඊට ඇතුළත්ය. එමෙන්ම ස්වයං සංවර්ධනයට කටයුතු කරමින් සෙසු රටවල දිළිඳුකම තුරන් කිරීමේ ප්‍රයත්න හා අඛණ්ඩ සංවර්ධනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද එහි සඳහන් වේ.

සිතුවිලි ක්‍රියාවට නැංවීමට පවතින දුෂ්කරතා මධ්‍යයේ වුවද ඇ.ඩො. විදේශ රටවල බිලියන 1.3ක ණය අඩු කිරීමට හෝ අහෝසි කිරීමට චීනය පියවර ගෙන ඇත. වසංගතයේ දැඩි ප්‍රහාරයට මුහුණ දෙමින් එක් තීරයක් එක් මාවතක් රටවල් සමග යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ සහයෝගිතාවන් විධිමත් ලෙස පවත්වා ගෙන යාමට තැත් කර ඇත. වසංගත තත්ත්වයෙන් ඇති වූ නව කර්මාන්ත රටාවන් ප්‍රයෝජනයට ගනිමින්, ඩිජිටල් යටිතල පහසුකම් කෙරෙහි ආයෝජනය පුළුල් කරමින්, ඩිජිටල් ආර්ථිකයේ විභවය ගවේෂණය කරන ලෙස ඔහු ඒ ඒ රටවලට උපදෙස් දී තිබේ.

පොදු සංවර්ධනය සැබෑ සංවර්ධනය ය. නව සංවර්ධන අදියරකට පිවිසෙමින් සිටින චීනය, සංවර්ධනය වෙමින් පවතින රටවල දිළිඳුකම තුරන් කිරීමේ ස්වයං හැකියාව ඉහල නංවාලීමට සහාය දීමෙහි නියැළී සිටියි. සාමූහික සංවර්ධනය මගින් දරිද්‍රතාවයෙන් ඈත් වෙමින් අලංකාර ලෝකයක් බිහි කිරීම චීනයේ අපේක්ෂාවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන