පශ්චාත් වසංගත යුගයේ කුමනාකාර ජාත්‍යන්තර පටිපාටියක් ස්ථාපිත කළ යුතුද යන්න පිළිබඳව චීන ජනාධිපතිවරයා පැහැදිලි කරයි
2020-11-22 16:52:42
Share with:

ඊයේ (21) රාත්‍රී ජී-20 කණ්ඩායමේ 15වැනි නායක සමුළුවේ පළමු අදියර රැස්වීම වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එක් වෙමින් පශ්චාත් වසංගත යුගයේ ජාත්‍යන්තර පටිපාටිය හා ගෝලීය කළමනාකරණය පිළිබඳව සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළේ ය.

මේ වසරේ කොරොනා වසංගතය ලොව පුරා පැතිරෙමින් ලෝකයට දරුණු ලෙස බලපෑම් ඇති කර තිබේ. පශ්චාත් වසංගත යුගයේ කුමනාකාර ජාත්‍යනත්ර පටිපාටියක් ස්ථාපිත කළ යුතු ද ?‍ ගෝලීය කළමනාකරණය යහපත් කරන්නේ කෙසේ ද ? ඒ සඳහා ජී-20 කණ්ඩායමට කවර කාර්යභාරයක් ඉටු කළ හැකි ද ? මෙවන් ප්‍රශ්න හමුවේ ජගත් ප්‍රජාව කටයුතු කරන්නේ කෙසේ ද ?  චීන ජනාධිපතිවරයා ඊයේ පැවති ජී-20 කණ්ඩායමේ 15වැනි නායක සමුළුවේ පළමු අදියර රැස්වීම අමතමින් මේ පිළිබඳව සිය පිළිතුරු ලබා දුන්නේ ය. එම පිළිතුරු වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍රගත ජාත්‍යන්තර පටිපාටිය ශක්තිමත් කිරීම,  ආර්ථික ගෝලීයකරණයේ කළමනාකරණ ව්‍යූහය පූර්ණ කිරීම, ඩිජිටල් ආර්ථිකයේ විධිමත් වර්ධනය ඉදිරියට ගෙන යාම සහ ගෝලීය අභියෝගවලට මුහුණ දීමේ හැකියාව සංවර්ධනය කිරීමයි.

මීට වසර 12කට පෙර ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය සිදු වූ අවස්ථාවේ චීනය ජී-20 යාන්ත්‍රණයට ඉතා ක්‍රියාශීලි ලෙස එක් වෙමින් ‍ලෝක ආර්ථිකය පුනරුත්ථාපනය කිරීමට ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළේ ය. වර්තමානයේ කොරොනා වසංගතය ලෝකයට පෙර නොවූ විරූ ව්‍යසනයක් ගෙන දී ඇති අවස්ථාවක චීනය පසුබට වී නොමැත. චීන ජනාධිපතිවරයාගේ එම දැක්ම පශ්චාත් වසංගත යුගයේ ගෝලීය කළමනාකරණය වෙනුවෙන් පැහැදිලි මාර්ග සිතියමක් නිර්මාණය කර තිබේ. ඉදිරියේදී සෙසු රටවල් සමග එක්ව ගෝලීය කළමනාකරණය තව තවත් පූර්ණ කිරීමට චීනය අඛණ්ඩ ව වෑයම් කරනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන