චීනයේ තුන් දොරු ව්‍යාපෘතියේ විදුලි ජනන ධාරිතාවෙන් නව ලෝක වාර්තාවක්
2020-11-19 10:38:50
Share with:

චීනයේ තුන් දොරු ව්‍යාපෘතියේ විදුලි ජනන ධාරිතාවෙන් නව ලෝක වාර්තාවක්

චීනයේ තුන් දොරු ව්‍යාපෘතියේ වාර්ෂික විදුලි ජනන ධාරිතාව ලෝක වාර්තාවක් බිහි කරයි.

ගං වතුර වැළැක්වීම, නෞකා යාත්‍රා කිරීම, ජල සම්පත් පරිහරණය ඇතුළු සංයෝගාත්මක ප්‍රතිලාභ මනා ලෙස ඉටු කිරීමත් සමග ම, තුන් දොරු ව්‍යාපෘතිය මෙම වසරේ විදුලි ජනන ධාරිතාව ඉකුත් 15වැනි දා පෙරවරුවේ 8:20 වන විට, පැයකට කිලෝවොට් බිලියන 103.1කට ළඟා වී ඇතැයි චීන තුන් දොරු සංස්ථාව ඊයේ(18) පැවසීය. මේ සමග ම, දකුණු ඇමරිකානු මහාද්වීපයේ පිහිටි Itaipu ජල විදුලි බලාගාරය විසින් 2016 වසරේ බිහි කළ පැයකට කිලෝවොට් බිලියන 103.098ක ලෝක වාර්තාව බිඳ හෙළීමට තුන් දොරු ව්‍යාපෘතියට හැකි විය.

මධ්‍යම චීනයේ පිහිටි තුන් දොරු ව්‍යාපෘතිය ලොව විශාලතම ජල විදුලි ව්‍යාපෘතියයි. එහි සමස්ත උත්පාදන ධාරිතාව කිලෝවොට් කෝටි 2.25ක් වන අතර, අපේක්ෂිත වාර්ෂික විදුලි ජනන ධාරිතාව පැයකට කිලෝවොට් බිලියන 88.2කි. එම ව්‍යාපෘතිය, ‘ බටහිර චීනයේ සිට නැගෙනහිර ප්‍රදේශ වලට විදුලි සැපයීමේ ’ හා ‘ දකුණු ‍ප්‍රදේශ හා උතුරු ප්‍රදේශ අතර අන්‍යෝන්‍ය විදුලි සැපයීමේ ’ ව්‍යාපෘති අතරින් ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙසට ද සැළකේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන