ලෝකයේ විශාලතම නිදහස් වෙළඳ කලාපය විවෘත කිරීම බහුපාර්ශ්විකත්වයේ විශාල ජයග්‍රහණයකි
2020-11-15 19:27:42
Share with:

ලෝකයේ විශාලතම නිදහස් වෙළඳ කලාපය විවෘත කිරීම බහුපාර්ශ්විකත්වයේ විශාල ජයග්‍රහණයකි

වසර 8 ක විධිමත් සාකච්ඡා වට 28 කින් පසුව, කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම (RCEP) අත්සන් කිරීමේ උත්සවය වීඩියෝ ආකාරයෙන්  අද (15 ) සාර්ථකව පැවැත්විණ. එතැන් සිට, විශාලතම ජනගහනය, වඩාත්ම විවිධාකාර සාමාජික ව්‍යුහය සහ ලොව විශාලතම සංවර්ධන විභවයන් සහිත නිදහස් වෙළඳ කලාපය ඉදිකිරීම නිල වශයෙන් දියත් කර තිබේ.

එය ලෝකයට ගෙන එන්නේ කුමක්ද? ඇත්ත වශයෙන්ම, එය කලාපීය ආර්ථික ඒකාබද්ධතාවය ගැඹුරු කිරීම පමණක් නොව, වසංගතය යටතේ ඇතිවූ ලෝක ආර්ථික පසුබෑම පිටුදැකීම වේගවත් කිරීමකි. කලාපීය රටවල් බහුපාර්ශ්වීය හා නිදහස් වෙළඳාමට සහාය දැක්වීමට ඇති දැඩි කැමැත්ත ද එමගින් පෙන්නුම් කෙරෙන අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමට සහ ජයග්‍රහණ ලැබීමට නිවැරදි මාර්ගයකි.

චීනයේ නිල හැඳින්වීමට අනුව, අනෙකුත් නිදහස් වෙළඳ ගිවිසුම් හා සසඳන විට, RCEP ගිවිසුම වැඩි අන්තර්ගතයන් සහිත වන අතර වෙළඳ හා ආයෝජන ලිහිල්කරණය සහ පහසුකම් සැපයීම යන සියලු අංශ ආවරණය කරයි. ඒ අතරම, ගිවිසුම ඩිජිටල් ආර්ථික යුගයේ අවශ්‍යතා සපුරාලයි.එනම් ඉහළ මට්ටමේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම්, ඊ-වාණිජ්‍ය පරිච්ඡේද, සහ ආයෝජන ප්‍රවේශ කැපවීම් සිදු කිරීම සඳහා සෘණාත්මක ලැයිස්තුවක් අනුගමනය කිරීම, යන සියල්ලම සුවිශේෂී නවීන ලක්ෂණ පිළිබිඹු කරයි. මෙය උසස් තත්ත්වයේ ගිවිසුමකි. නිදසුනක් ලෙස, භාණ්ඩ වෙළඳාමේ මුළු ශුන්‍ය තීරුබදු නිෂ්පාදන සංඛ්‍යාව 90% ඉක්මවන අතර සේවා වෙළඳාම සහ ආයෝජන ලිහිල්කරණය මුල් "10 + 1" නිදහස් වෙළඳ ගිවිසුමට වඩා සැලකිය යුතු ලෙස වැඩි ය. විශේෂයෙන් චීනය, ජපානය සහ දකුණු කොරියාව අතර අලුතින් එකතු කරන ලද නිදහස් වෙළඳ සබඳතා, කලාපයේ නිදහස් වෙළඳාමේ මට්ටම සැලකිය යුතු ලෙස වැඩි කර තිබේ.

සමහර විශ්ලේෂකයින් පවසන්නේ, RECP හි බලපෑම උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ කලාපයේ සහ යුරෝපා සංගම් රේගු සංගමයේ මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

සංඛ්‍යාලේඛනවලට අනුව, RCEP සාමාජික රටවල් 15 හි සමස්ත ජනගහනය, ආර්ථික පරිමාව සහ සමස්ත වෙළඳ පරිමාව ගෝලීය සමස්තයෙන් 30% ක් පමණ වන අතර එයින් අදහස් වන්නේ ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකක් පමණ ඒකාබද්ධ වෙළඳපොළක් ඇති කරනු ඇති බවයි. නිසැකවම, මෙය පසුගිය විසි වසර  තුළ නැගෙනහිර ආසියානු ආර්ථික ඒකාබද්ධතාවය ගොඩනැගීමේ වැදගත්ම ජයග්‍රහණය පමණක් නොව, ලෝකයට සුවිශේෂී වැදගත්කමක් ද ඇත.

RCEP සාර්ථක අත්සන් කිරීම යළිත් වරක් සනාථ කරනුයේ, ඊනියා "ආර්ථිකය හා වෙළඳාම විසංයෝජනය" කිරීම ජනප්‍රිය නොවන බවත්, බහුපාර්ශ්වීයත්වය සහ නිදහස් වෙළඳාම ලෝකයේ නිවැරදි මාර්ගය බවත් ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන