ජනාධිපති ෂී ජින් පිං මහතා එක් මාසයක දී චීනයේ ප්‍රධාන"කවුළු" දෙකක් නැරඹීම තුළින් නිකුත් කෙරුණු තොරතුරු මොනවාද?
2020-11-14 15:45:13
Share with:

 

ජනාධිපති ෂී ජින් පිං මහතා එක් මාසයක දී චීනයේ ප්‍රධාන"කවුළු" දෙකක් නැරඹීම තුළින් නිකුත් කෙරුණු  තොරතුරු මොනවාද?

චීනයේ උත්තරීතර නායක ෂී ජින්පිං මහතා මාසයක් ඇතුළත ගුවාංඩොං පළාතේ සෙන්චෙන් නගරය සහ ෂැංහයිහි පුඩොං කලාපය වෙත ගොස් සැමරුම්වලට සහභාගී වූ අතර ඔවුන්ගේ සංවර්ධන සැලසුම් සඳහා වැදගත් විධිවිධාන යොදා තවදුරටත් “ප්‍රතිසංස්කරණ, විවෘත කිරීම් සහ නව්‍යකරණයන්”ක්‍රියාත්මක කිරීම පිළිබඳ පැහැදිලි සංඥාවක් නිකුත් කළේය. චීනයේ ප්‍රතිසංස්කරණය සහ විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ මෙම “කවුළු” දෙක හරහා, ලෝකය වෙත ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමේ ඉහළ අධිෂ්ඨානය සහ ඉහළ ආරම්භක ස්ථානයකට, ඉහළ මට්ටමකට සහ ඉහළ ඉලක්කයකට විවෘත කිරීම පමණක් නොව, එහි "චීන මාර්ගයේ" ප්‍රබල ජීව ශක්තිය අඩංගු විශාල ජයග්‍රාහී අවස්ථාවන් ද දකී.

පසුගිය අවුරුදු 40 තුළ, “හිස් කඩදාසි පත්‍රයක් මත චීන ලක්‍ෂණ සහිත සමාජවාදයේ පුදුමාකාර අර්ථකථනය” ලෙස සැලකුණු සෙන්චෙන් නගරය “කුඩා ධීවර ගම්මානයක” සිට ජාත්‍යන්තර හා නව්‍ය නගරයක් දක්වා වර්ධනය වී තිබේ. ප්‍රතිසංස්කරණ හා විවෘත කිරීම් “සමකාලීන චීනයේ ඉරණම තීරණය කිරීමේ යතුර” වන්නේ මන්දැයි, මෙම ස්ථාන දෙකෙහි විචල්‍යතාවයන් මගින් ලොවට පැහැදිලිව අවබෝධ කර දී තිබේ. ස්ථාන දෙකෙන් එකක් විශේෂ කලාපයක් වන අතර අනෙක නව දිස්ත්‍රික්කයකි. එම ද්විත්වයම චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ පෙරටුගාමී ස්ථාන  වන අතර චීනයේ අනාගත සංවර්ධන ගමනේ දී ආදර්ශවත් හා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ යුතුය.

මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද “14 වන පස් අවුරුදු සැලැස්ම” යෝජනාවට අනුව, “ප්‍රතිසංස්කරණ, විවෘත කිරීම් සහ නව්‍යකරණයන්” චීනයේ පුළුල් සමාජවාදී නවීකරණයේ වැදගත් ආරම්භක ලක්ෂ්‍යයකි.

වර්තමානයේ චීනය "නව සංවර්ධන රටාවක්" ගොඩනැගීම වේගවත් කරයි. සෙන්චෙන් සහ පුඩොං යන දෙකටම ගෝලීය සම්පත් වෙන් කිරීමේදී ගැඹුරු සමුච්චයක් හා පුළුල් අනාගතයක් ඇති අතර චීනයේ ද්විත්ව චක්‍රයේ අන්‍යෝන්‍ය ප්‍රවර්ධනය සඳහා එම ද්විත්වයම ප්‍රධාන භූමිකා ඉටු කරනු ඇත. චීනයේ ඉහළ මට්ටමේ ප්‍රතිසංස්කරණ හා විවෘත කිරීම්වල මෙම පුරෝගාමී ස්ථාන දෙක ලෝකය අගය කරන නව ප්‍රාතිහාර්යයන් නිර්මාණය කර, ලෝකයට ජයග්‍රහණය සඳහා නව අවස්ථා ලබා දී, චීන ලක්‍ෂණ සහිත සමාජවාදයේ ජීව ගුණය තවදුරටත් විදහා දක්වනු ඇතැයි  විශ්වාස කිරීමට හේතු තිබේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන