බ්‍රසීලයේ "චීන එන්නත" පිළිබඳ සිද්ධියේ සැබෑ තොරතුරු හෙළි වෙයි
2020-11-14 15:32:54
Share with:

බ්‍රසීලයේ "චීන එන්නත" පිළිබඳ සිද්ධියේ සැබෑ තොරතුරු හෙළි වෙයි

දත්ත ඇගයීමෙන් පසු, බ්‍රසීල ජාතික සෞඛ්‍ය අධීක්ෂණ ඒජන්සිය, චීන කෙසිං ජීව විද්‍යාත්මක සමාගම සහ බ්‍රසීලියානු බුටැන්ටන් ආයතනය එක්ව මෑතකදී සංවර්ධනය කරන ලද නව කොරොනා එන්නත පිළිබඳ සායනික අත්හදා බැලීම්, නිල වශයෙන් නැවත ආරම්භ කර තිබේ. චීනයේ එන්නතට එරෙහිව පැවති මතවාදයට එම ආරම්භයත් සමග පැහැදිලි පිළිතුරක් ලැබී ඇත. කෙසේ වෙතත්, බොහෝ රටවල් එන්නත් නිපදවීම වේගවත් කර ඇති මෙම අවස්ථාවේ, එම සිද්ධිය පිළිබඳ බෙහෙවින් කල්පනාකාරී හා සුපරීක්ෂාකාරී විය යුතුය.

එන්නත් පරීක්ෂණය අතරතුර ස්වේච්ඡා සේවකයෙකු මිය යාම හේතුවෙන්, චීනයේ කෙසිං ජීව විද්‍යාත්මක සමාගම  සිය දේශීය කොරොනා එන්නත පරීක්ෂණය අත්හිටුවන බව බ්‍රසීලයේ ජාතික සෞඛ්‍ය අධීක්ෂණ කාර්යාංශය 9 වන දින හදිසියේම ප්‍රකාශයට පත් කළේය. කලක සිට මතභේදයට ලක් වූ අතර සමහර බ්‍රසීල දේශපාලනඥයෝ විමර්ශන ප්‍රතිඵල එළි දැක්වීමට පෙර, චීන එන්නත් වල ගුණාත්මකභාවය පිළිබඳව විවෘතව අදහස් පළ කළහ. නමුත් ස්වේච්ඡා සේවකයා සියදිවි නසාගෙන ඇති බව ප්‍රාදේශීය පොලිසිය ඉක්මනින් හඳුනා ගත්තේය. කෙසිං එන්නතෙහි ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටළුවක් නොමැති බවත්, ස්වේච්ඡා සේවකයාගේ මරණය එන්නත සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, බුටැන්ටන් ආයතනය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස කුමන්ත්‍රණය එක්වරම වෙනස් විය.

කෙසේ වෙතත්, මෙය සරල  සිද්ධියක් නොවේ. සමහර බ්‍රසීල මාධ්‍ය පෙන්වා දුන් පරිදි මෙම සිද්ධිය පිටුපස දේශපාලන සාධක තිබේ.

වෛරසයට දේශපාලන ස්ථාවරයක් නැත. දේශීය දේශපාලන අරමුණු සඳහා හෝ භූදේශපාලනික සලකා බැලීම් සඳහා හෝ යමෙක් හිතාමතාම එන්නත දේශපාලනීකරණය කළහොත් ඔහු තමන්ටම හානි කර ගනු ලබයි. මේ සම්බන්ධයෙන්, බ්‍රසීලයේ බුද්ධිමතුන්ට පැහැදිලි අවබෝධයක් ඇත. නිදසුනක් වශයෙන්, බ්‍රසීල ගෝලීය රූපවාහිනී ප්‍රවෘත්ති ජාලයේ විචාරකයා කියා සිටියේ, හේතු විමර්ශනය කිරීමට පෙර චීනයේ එන්නත් අත්හදා බැලීම් අත්හිටුවීම එන්නත අත්හදා බැලීම සංකීර්ණ කිරීමක් බවත්, එය පාදයේ ගලක් බවට පත්වීමට ඉඩ ඇති බවත් ය. බ්‍රසීල ප්‍රතිශක්තිකරණ සංගමයේ අධ්‍යක්ෂ කෝෆ්රි මහතා ද කියා සිටියේ, විද්‍යාවට දේශපාලන මනාපයක් නොමැති බවත්, භීතිකාව හා ප්‍රභවයන් මත පදනම් වූ එන්නත් වලට වෙනස් ලෙස සැලකීම කළ නොහැකි බවත් ය.

නව කොරොනා එන්නත සම්පුර්ණ කර භාවිතයට ගත් පසු, එය ගෝලීය මහජන නිෂ්පාදනයක් ලෙස සලකා, සංවර්ධනය වෙමින් පවතින රටවලට හැකියාව ලැබෙන පරිදි සහ දැරිය හැකි මිලකට ලබා දීම සඳහා දායකත්වය දෙන බවට චීනය නැවත නැවතත් පොරොන්දු වී තිබේ. එමෙන්ම  චීනය විධිමත් ලෙස “කොරොනා එන්නත ක්‍රියාත්මක කිරීමේ සැලැස්මට” සම්බන්ධ වූ අතර, එය එන්නත් හා සමකාලීන ගෝලීය වසංගත විරෝධී බලවේග සමානව බෙදා හැරීම ප්‍රවර්ධනය කිරීම සඳහා දිගුකාලීන වැදගත්කමක් දරයි.

මානව වර්ගයා දුක් වේදනාවලින් මිදීමට නම් විද්‍යාවට ගරු කර, එක්සත් වී සහයෝගයෙන් කටයුතු කිරීම අවශ්‍ය වන අතර නව කොරොනා වසංගතය ජය ගැනීම සඳහා “එන්නත් දේශපාලනය” මිනිස් සංහතියට බාධාවක් වීමට ඉඩ නොදිය යුතුය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන