පුඩොං දිස්ත්‍රික්කය ක්‍රියාත්මක කරන ඉහළ මට්ටමේ ආයතනික විවෘතභාවය පැහැදිලි කෙරේ
2020-11-13 10:46:04
Share with:

පුඩොං දිස්ත්‍රික්කය ක්‍රියාත්මක කරන ඉහළ මට්ටමේ ආයතනික විවෘතභාවය පැහැදිලි කෙරේ.

සංවර්ධනය හා විවෘතභාවය ක්‍රියාත්මක කරමින්, ගතවූ වසර 30ක කාලය තුළ, චීනයේ ශන්හැයි නගරයේ පුඩොං දිස්ත්‍රික්කය ලැබූ සංවර්ධන ජයග්‍රහණ තව තවත් ලෝක අවධානයට ලක් වෙයි. පුඩොං දිස්ත්‍රික්කය ඇමරිකානු ඩොලර් බිලියන 102.95 ක විදේශ ආයෝජන ආකර්ෂණය කර ඇත. එම දිස්ත්‍රික්කය රටවල් හා ප්‍රදේශ 170කින් ව්‍යවසායන් 36200ක්, ලෝක අන්තර් ජාතික සමාගම් 350ක ප්‍රාදේශීය මූලස්ථාන එකතු කර ගෙන තිබේ. ලොව ශක්තිමත්ම සමාගම් 500 අතරින් 346ක් පුඩොං දිස්ත්‍රික්කයේ ආයෝජන ව්‍යපෘති ස්ථාපිත කර ඇත. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සඳහන් කළ පරිදී, පුඩොං දිස්ත්‍රික්කය විවෘතභාවය හා සංවර්ධනය ක්‍රියාත්මක කිරීමේ වසර 30ක කාලය තුළ ලැබූ කැපී පෙනෙන ජයග්‍රහණ මගින් චීන ලක්ෂණ සහිත සමාජවාදී පද්ධතියේ වාසියට සැබෑ සාක්ෂි ලබා දී තිබේ. එමෙන්ම එය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය මෙන්ම සමාජවාදී නවීකරණ සංවර්ධනය ක්‍රියාත්මක කිරීමකි.

ලෝකයේ පෙර නොවූ ආකාරයේ වෙනස්කම් හා චීනයේ නව සංවර්ධන ව්‍යුහය කඩිනමින් ගොඩනැගීම යන තත්ත්වයන්ට මුහුණ දෙන පුඩොං දිස්ත්‍රික්කය,ලෝකය සමඟ පොදු ජයග්‍රහණ ලබා ගන්නේ කෙසේ ද ? ඉහළ මට්ටමක ආයතනික විවෘතභාවය එම ප්‍රශ්නයට ඇති කේන්ද්‍රීය පිළිතුරයි.

විශ්ලේෂකයින් පෙන්වා දුන් පරිදි,ඉදිරියේදී පුඩොං දිස්ත්‍රික්කයේ ආදර්ශ අර්ථය වන්නේ කෙතරම් වේගයෙන් සංවර්ධන වනවා ද යන්න පමණක් නොවේ.එහි වඩා වැදගත් අර්ථය වන්නේ චීන ලක්ෂණ සහිත සමාජවාදයේ ප්‍රබල ජීව ශක්තිය ලෝකයට පූර්ණ ලෙස ලබා දීමය. ඉදිරි වසර 30ක කාලය තුළ පුඩොං දිස්ත්‍රික්කය ඇතුළු සමස්ත චීනයේ වඩා‍ත් ශක්තිමත් ජීවාත්මය තුළ ලෝකයට වැඩි සංවර්ධන අවස්ථා හිමි වනු ඇතැයි විශ්වාස කෙරේ. 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන