තීරණාත්මක මොහොතක, “පොදු ප්‍රජාවන් හතර”මුලපිරීම ෂැංහයි සහයෝගිතා සංවිධානයේ දිශාව පෙන්වා දෙයි
2020-11-11 15:55:50
Share with:

තීරණාත්මක මොහොතක, “පොදු ප්‍රජාවන් හතර”මුලපිරීම ෂැංහයි සහයෝගිතා සංවිධානයේ දිශාව පෙන්වා දෙයි

ඒකාබද්ධ ප්‍රකාශයක්, සහයෝගීතා ප්‍රකාශ හයක් සහ බහු ක්ෂේත්‍ර සහයෝගීතා ලේඛන ඇතුළු ඵලදායී ප්‍රතිඵල රැසක් වසංගතය යටතේ පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ වාර්ෂික වීඩියෝ සමුළුව අත්කර ගෙන තිබේ. විශේෂයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(10 ) පැවති සමුළුවේදී වැදගත් දේශනයක් පවත්වමින් “ෂැංහයි ආත්මය” ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් “ප්‍රජාවන් හතරක්” ගොඩනැගීම සඳහා වැදගත් පියවර ඉදිරිපත් කර, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ඉදිරි අදියර සඳහා දිශාව පමණක් නොව මානව වර්ගයාගේ පොදු ඉරණම සහිත ප්‍රජාවේ අන්තර්ගතය ද පොහොසත් කළේය. මෙම වැදගත් මුලපිරීම පොදු ඉරණම සහිත ප්‍රජාවක අර්ථය කලාපයේ සහ ලෝකයේ සාමකාමී සංවර්ධනය පවත්වා ගැනීම සඳහා දිගුකාලීන වැදගත්කමක් දරයි.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ වසර 19 ක සංවර්ධනයේ දී මෙම සමුළුවේ පසුබිම අතිශයින්ම සුවිශේෂ ය. ගෝලීය ව්‍යසනය සහ ශත වර්ෂයේ විශාල වෙනස්කම් එකිනෙකට සම්බන්ධ වී ඇති අතර, අන්තර්ජාතික ප්‍රජාව බහුපාර්ශ්වික හා ඒකපාර්ශ්වික, විවෘත හා සංවෘත, සහයෝගීතාව සහ ගැටුම් අතර ප්‍රධාන තේරීමකට මුහුණ දෙති.

තීරණාත්මක මොහොතේ, ලෝකයේ සමස්ත ආර්ථිකයෙන් 20% ක්  හා ජනගහනයෙන් 40% ක් වන ෂැංහයි සහයෝගිතා සංවිධානය, අද ලෝකයේ වැදගත් ඵලදායී බලවේගයක් බවට පත්වී ඇති අතර එය කාලයාගේ ඇවෑමෙන් “ෂැංහයි ආත්මය”විසින් මෙහෙයවනු ලැබේ. අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, සමානාත්මතාවය, සාකච්ඡා, විවිධ ශිෂ්ඨාචාරයන්ට ගරු කර පොදු සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමේ ස්වභාවය ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සංවර්ධනයේ හා වර්ධනයේ සාර්ථකත්වයට යතුර වන්නේය.

නව තත්වය යටතේ, "ෂැංහයි ආත්මය" ඉදිරියට ගෙන යන්නේ කෙසේද? යන්න සහ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාමුව තුළ ප්‍රථම වරට "සෞඛ්‍ය සම්පන්න ප්‍රජාව", "ආරක්ෂිත ප්‍රජාව", "සංවර්ධන ප්‍රජාව"සහ"මානවවාදී ප්‍රජාව" ගොඩනැගීම පිළිබඳව මෙම සමුළුවේදී, චීනයේ උත්තරීතර නායකයා යෝජනා ඉදිරිපත් කළේය . එය, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සංවර්ධනයේ සාරය පමණක් නොව වර්තමාන ගෝලීය අර්බුදය විසඳීම සඳහා "චීන විසඳුමක්" සපයන සුවිශේෂී ලක්ෂණ ද වෙයි.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස චීනය සංවර්ධනයේ නව අවධියකට පිවිසීමට සූදානම්ව සිටී. චීනයේ සංවර්ධනය සඳහා නව අවස්ථා අත්පත් කර ගෙන එක්සත්කම හා සහයෝගීතාව ගැඹුරු කරමින් “ෂැංහයි ආත්මය”නව යුගයේ දී වඩාත් ආකර්ෂණීය කර අවිනිශ්චිත ලෝකට වඩාත් නිශ්චිතභාවයක් ලබා දීමට එක් වෙන ලෙස චීනය සියලු සාමාජිකයින්ට සාදරයෙන් ආරාධනා කරයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන