ව්‍යවසායන් චීනයෙන් ඉවත්කර ගැනීමේ කුමන්ත්‍රණය පරාජයට පත්වෙයි
2020-11-11 15:36:46
Share with:

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ දී මතුවූ අවස්ථා හේතුවෙන් ව්‍යවසායන් චීනයෙන් ඉවත්කර ගැනීමේ කුමන්ත්‍රණය පරාජයට පත්වෙයි.

ඊයේ (10) අවසන් වූ  3 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ ඇමරිකානු ඩොලර් බිලියන 72.62 ක ගනුදෙනු සම්පූර්ණ කෙරිණ.එය පසුගිය වසරේ ප්‍රදර්ශනයට සාපේක්ෂව සියයට 2.1ක වර්ධනයකි. ජාත්‍යන්තර වශයෙන් මිලදී ගැනීම,අයෝජනය පෙළඹවීම,මානව හුවමාරු  හා විවෘතභාවයෙන් සහයෝගිතාව පැවැත්වීම  එකතුවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලෝකයට ජයග්‍රහන ලබා ගත හැකි පොදු වේදිකාවක් බවට පත්ව තිබේ.එමෙන්ම එය වසංගතය පැතිර යාමේ තත්ත්වයට යටතේ ඒ ඒ රටවල ව්‍යවසායන් පුනරුත්ථාපනය කිරීමේ අපේක්ෂාවක් බවට ද පත්ව ඇත.

චීනය ලෝකයේ ප්‍රබල ම ශක්‍යතාව සහිත වෙළඳපොල බව ඇමරිකානු ඩොලර් බිලියන 72.62 ක ගනුදෙනු ප්‍රමාණය මගින් පිළිබිඹු වේ.සජීවි වීඩියෝ අලෙවිය යන ගනුදෙනු ක්‍රියාවන් තුළ දැකිය හැකි ශක්තිමත් මිලිදී ගැනීමේ හැකියාවේ සිට නිෂ්පාදනය ඉහළ මට්ටමකට නංවා ගැනීම,මෙන්ම සේවා කර්මාන්තය හේතුවෙන් අදාළ කර්මාන්ත හා සැපයීමේ දාමයන් දියුණු කිරීම දක්වා චීන වෙළඳපොලේ ආකර්ශණියත්වය පිළිඹිබු වෙයි.

ඊට අමතරව,නවීකරණය චීන සංවර්ධන ක්‍රියාදාමය තුළ වඩා වැඩි කාර්යභාරයන් ඉටු කරමින් පැවතීම විවිධ රටවල් ව්‍යවසායන් ගේ ආකර්ශනයට හේතුවී ඇත.චීනයේ නවීකරණ සහයෝගිතා අවස්ථා වැදගත් කොට සලකා විදේශ ව්‍යවසායන් විසින් මෙවර ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේදී නව නිෂ්පාදිත,තාක්ෂණ හා සේවා 411ක් ලෝකයේ ප්‍රථමවරට එළි දැක්වීම දි සිදු කරන ලදි .

චීනය විවෘතභාවය අඛණ්ඩව ව්‍යප්ත කරමින් විවෘත ලෝක ආර්ථීකය ගොඩනැගීමට සහය දීම හේතුවෙන් චීනයේ අවංකම හා වගකීම් භාර ගැනීමේ අධිෂ්ථානය පිළිබදව ජගත් ප්‍රජාව අවබෝධ කර ‍ගෙන ඇත. ඒකපාර්ශ්වවාදය,ආරක්ෂණවාදයෙන් ලෝක ආර්ථීකයට බලපෑම් එල්ල වී තිබේ.එහෙත් එය ඒ ඒ රටවල විවෘත  සහෝගිතා පැවැත්වීමේ ප්‍රධාන ප්‍රවණතාව වෙනස්වී නොමැති බව චීනයේ මතයයි. සමාජවාදී නවීකරණ නව යුගය පූර්ණව ආරම්භ කරන චීනය චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හා සමාන අවස්ථා බිහි කිරීමත් සමග ව්‍යවසායන් චීනයෙන් ඉවත් කර ගැනීම පරාජය වනු  නොඅනුමානය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන