ඇමරිකාවේ නිර්ලජ්ජිත මානව හිමිකම් ආරක්ෂාව
2020-11-11 19:48:38
Share with:

ඇමරිකාවේ නිර්ලජ්ජිත මානව හිමිකම් ආරක්ෂාව

ඇමරිකාව විවේචනය කිරීම සඳහා රටවල් සියයකට අධික සංඛ්‍යාවක් පෙළ ගැසී සිටියි.

මිනිත්තු 210 ක රැස්වීමේදී ඇමරිකානු හිතවාදී රටවල් ඇතුළු රටවල් 110 කට වැඩි ගණනක නියෝජිතයෝ පිරිසක් ඇමරිකාවේ මානව හිමිකම් වාර්තාව ගැන ප්‍රශ්න කිරීමට පෙළ ගැසෙමින් විවේචන හා යෝජනා ඉදිරිපත් කළහ. එදින වන විට, ඇමරිකාවේ නව කොරොනා බවට තහවුරු වූ රෝගීන්ගේ සමුච්චිත සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 240,000 කට ආසන්න විය.

ඛේදජනක වසංගත දත්ත, ලොව පුරා සාමූහික පැමිණිලි සමඟින් පෙන්නුම් කෙරෙන්නේ, “මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ගේ” පවුලේ මානව හිමිකම් තත්ත්වය සැබවින්ම භයානක බවය. විශේෂයෙන් ම 2020 දී නව කොරොනා වසංගතය ඇමරිකාවේ මානව හිමිකම් පිළිබඳ අදෘශ්‍යමාන විශාලන කාචයක් වැනි ය.

ඇමරිකානු දේශපාලනඥයෝ සැමවිටම වෙනත් රටවල මානව හිමිකම් වෙත ඇඟිල්ල දිගු කරති. ශක්තිමත්ම ආර්ථික හා තාක්‍ෂණික ශක්තිය හා ලෝකයේ වෛද්‍ය සම්පත් බහුලම රටක් ලෙස ඇමරිකාවේ ලොව වැඩිම තහවුරු වූ කොරොනා ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව වාර්තා වී තිබේ. එමෙන්ම ඇමරිකානු ජනතාවගේ මූලික මානව හිමිකම්, පැවැත්මට හා සංවර්ධනයට ඇති අයිතිය පාගා දමනු ලැබ තිබේ. ඇමරිකානු දේශපාලනඥයින් මැතිවරණ දේශපාලනය සහ ප්‍රාග්ධන අවශ්‍යතා ජනතාවගේ ජීවිතවලට වඩා ඉහළින් තැබීමේ නොවැළැක්විය හැකි ප්‍රතිඵලය මෙය බව පැහැදිලි වෙයි. ඔවුහු විද්‍යාත්මක අනතුරු ඇඟවීම් නොසලකා හැර වසංගතයට ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද කළහ. ඔවුහු නැවත නැවතත් වසංගතය දේශපාලනීකරණය කළහ. එමෙන්ම ඔවුන් විශේෂඥ උපදෙස් ප්‍රතික්ෂේප කළ අතර ආර්ථික වාසි සඳහා වසංගත වැළැක්වීමේ පියවර නැවත නැවතත් ලිහිල් කර ඇත..

රට තුළ මානව හිමිකම් ගැටලු රාශියක් පවතින අතර ඇමරිකානු දේශපාලනඥයන් සිය කළු අත් මුළු ලෝකයටම දිගු කරමින් මානුෂීය ව්‍යසනයන් නැවත නැවතත් ඇති කර තිබේ. ලොව පුරා පවතින විවේචන හමුවේ, ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ නිර්ලජ්ජිතව තර්ක කළේ, "අපි මානව හිමිකම් ගැන සාකච්ඡා කරනවා පමණක් නොව, අපි මානව අයිතිවාසිකම් අගය කොට ආරක්ෂා කරමු" යනුවෙනි.

“මානව හිමිකම් අගය කොට ආරක්ෂා කරන” තැනක, ඔවුන් පැහැදිලිවම මානව හිමිකම් උල්ලංඝනය කරමින් පාගා දමමින් සිටින බව මුළු ලෝකයම බොහෝ කලක සිට පැහැදිලිව දැක තිබේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන