3 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, අවම සංවර්ධිත රටවලට වටිනා අවස්ථාවන් ගෙන දෙයි
2020-11-09 18:04:35
Share with:

3 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, අවම සංවර්ධිත රටවලට වටිනා අවස්ථාවන් ගෙන දෙයි

පොදු සංවර්ධනයේ දී කුඩා වෙළඳ භාණ්ඩ විශාල වගකීමක් පිළිබිඹු කරයි

3 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ විස්මිත “කළු තාක්‍ෂණය” පමණක් නොව, ඇන්ගෝලාවේ බියර් සහ කෝපි, ඉරානයේ අතින් වියන ලද ඇතිරිලි, ලෙබනනයේ කාස්ටිල් සබන් වැනි ලොව පුරා විශේෂ ආහාර හා හස්ත කර්මාන්ත ද ඇත. ඒවායින්  කුඩා වෙළඳ භාණ්ඩ බොහොමයක් අවම සංවර්ධිත රටවලිනි .

පෙර වසරවල මෙන්ම, මේ වසරේදී ද තුන්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය මඟින් අවම සංවර්ධිත රටවල සහභාගීත්වය සඳහා නොමිලේ සම්මත කුටි සැපයීම, නොමිලේ ප්‍රදර්ශන ප්‍රවාහනය සහ විශේෂ සැපයුම් ඉල්ලුම් ගැලපුම් රැස්වීම් පැවැත්වීම ඇතුළු පහසුකම් ලබා දී තිබේ. වර්ග මීටර් 4,000 කට වැඩි ප්‍රදර්ශන භූමියක් සහිතව, අවම සංවර්ධිත රටවල් 30 ක් මේ වසරේ ඊට සහභාගී වී සිටී. නව කොරොනා වසංගතය ගෝලීය ආර්ථික හා වෙළඳ හුවමාරුවලට දැඩි ලෙස බලපා ඇති තත්ත්වයක් යටතේ මෙය විශේෂයෙන් ම දුෂ්කර හා වටිනා අවස්ථාවක් වෙයි.

පසුගිය චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශන දෙක තුළ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා ලෝක වෙළඳ සංවිධානයේ ඒකාබද්ධ ආයතනයක් වන ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය, ලොව පුරා අවම සංවර්ධිත රටවල් 20 කට වැඩි ගණනක කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් 100 ක් පමණ සහභාගී කරවා ගැනීම සඳහා සංවිධානය කරන ලදී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනාවැකියට අනුව ලොව පුරා මිලියන 71 ක ජනතාව මේ වසරේදී දරිද්‍රතාවයට පත්වනු ඇති අතර 2030 තිරසාර සංවර්ධන ඉලක්ක දැඩි අභියෝගයන්ට ලක්වී ඇත. මෙම අවස්ථාවේදී, චීනය වසංගතයේ බලපෑම ජයගෙන, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය නියමිත පරිදි පවත්වමින් විශාල වෙළඳපොල සහ සංවර්ධන අවස්ථා බෙදා ගත්තේය.  අවම සංවර්ධිත රටවලට විවිධ ආකාරවලින් ප්‍රදර්ශනයට සහභාගී වීමට උදව් කරමින්  දුප්පත්කමෙන් මිදීමට චීනය සැබවින්ම සහයෝගය ලබා දී ඇතැයි දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් විශ්වවිද්‍යාලයේ අප්‍රිකා-චීන අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඩේවිඩ් මොන්යා මහතා පෙන්වා දුන්නේය.

ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රකාශක කීත් රොක්වෙල් මහතා පැවසුවේ, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය විසින් අවම සංවර්ධිත රටවල සමාගම් චීනයේ සහ ලෝකයේ සමාගම්වලට හඳුන්වා දී ගෝලීය වෙළඳ පද්ධතියට ඒකාබද්ධ වීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන බවයි.

චීනයේ උත්සාහයන් ගෝලීය සංවර්ධනයේ අසමතුලිතතාවය සමනය කිරීමට උපකාරී වන අතර එමඟින් මිහිපිට "අමතක වූ කොනක්" නොපවතින අතර අවසානයේ පොදු ජයග්‍රහනයක් අත්කර ගත හැකිය.

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය වැනි වේදිකාවල ආධාරයෙන්, ගෝලීය ආර්ථිකයේ සමස්ත ප්‍රකෘතිය සඳහා පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කරන චීනය සැමවිටම ලෝකයට අවස්ථාවක් හා බලාපොරොත්තුවක් වී තිබේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන