අන්තර් ජාල සජීවි අලෙවි ක්‍රමයෙන් උණුසුම් වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය
2020-11-08 18:50:58
Share with:

සිය නිෂ්පාදිතයට, විනාඩි තුනකින් යුවාන් මිලියන 3.5ක අලෙවි වටිනාකමක් ලබා ගැනීමට හැකිවීම පිළිබඳව ස්පාඤ්ඤයේ වයින් නිෂ්පාදිතයක චීන කලාපීය අධ්‍යක්ෂවරයා ඉමහත් ප්‍රීතියකට පත් විය. ඒ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ අන්තර් ජාල සජීවි ඉදිරිපත් කිරීම් මගින් භාණ්ඩ අලෙවි කිරීමේ විද්‍යුත් වාණිජ ක්‍රමය මගිනි. චීන වෙළඳපොලේ විස්මය සියැසින්ම දැක ගැනීමට ඔහුට හැකි විය.

පසුගිය 7 වැනිදා රාත්‍රියේ චීන මාධ්‍ය සමූහයේ ප්‍රවෘත්ති නාලිකාව සත්කාරකත්වය දරමින් පැවැත්වූ සජීවි අලෙවි අවස්ථාවක් තුළින් චීන ජනතාව‍ සතු බලවත් මිලට ගැනීමේ හැකියාව පෙන්නුම් කර ඇත. පැය තුනක සජීවි ඉදිරිපත් කිරීමේදී, යුවාන් මිලියන 3.8ක වටිනාකම ඇති අයිස් ක්‍රීම්, යුවාන් මිලියන 4ක සුවඳ විලවුන්, යුවාන් මිලියන 3.2ක විදුලි දත් බුරුසු අලෙවි කෙරිණ. එසේ චීන මාධ්‍ය සමූහය, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට අදාළව පැවැත්වූ සජීවි අලෙවි අවස්ථා දෙකකින්, යුවාන් කෝටි 14ක අලෙවි ප්‍රමාණයක් ළඟා කර ගැනීමට හැකි විය.

චීනයේ රුසියානු තානාපති Andrey Denisov මහතා මෙම අලෙවි ක්‍රමය ඉහලින් අගය කළේය. චීන පාරිභෝගිකයින්ට සිය රටේ නිෂ්පාදිත දැන ගැනීමට එය හොඳ වේදිකාවක් බව ඔහු පැවසීය. ස්පා‍ඤ්ඤ තානාපති Rafael Dezcallar මහතා සෘජුවම සජීවි අලෙවි වැඩසටහනකට එක් වෙමින් සිය රටේ රස මසවුලු චීන ප්‍රේක්ෂකයින් වෙත විස්තර කළේය.

අන්තර් ජාල සජීවි අලෙවි ක්‍රමය චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සම්පූර්ණයෙන් ම හඳුන්වා දී තිබේ. වසංගත තත්ත්වය හමුවේ එබඳු නව විද්‍යුත් වාණිජ ක්‍රමය විශාල විභවයක්  විදහා පා ඇත.

අන්තර් ජාල සජීවි අලෙවි ක්‍රමයෙන් උණුසුම් වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය_fororder_微信图片_20201108183101                               

අන්තර් ජාල සජීවි අලෙවි ක්‍රමයෙන් උණුසුම් වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය_fororder_微信图片_20201108183114

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන