ව්‍යාපාරික ලෝකයට නවමු අවස්ථා රැසක් ගෙන දෙන 3 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය
2020-11-06 19:18:03
Share with:

බාහිර ලෝකය අපේක්ෂා කළ අන්දමටම, ‘නිමැවුම’ යන්න තුන්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ ආකර්ෂණීයම විශේෂත්වය බවට  පත් වී තිබේ. සීය ගණනක නව නිෂ්පාදිත, නව තාක්ෂණාංග, නව සේවාංග ඉන් ලෝකයට ප්‍රථම වරට හඳුන්වා දී ඇත. මයික්‍රොන්(micron) 25ක් හෙවත්, මානවයන්ගේ හිස කෙස් එකේ විෂ්කම්භයෙන් තුනෙන් එකක ප්‍රමාණයක තුනීබවක් ඇති සුපිරි තුනී නම්‍ය‍ශීලි වීදුරු , සුහුරු ලෙස ස්වයංව අලුත්වැඩියා විය හැකි  සුළං පිරවීමෙන් තොර ටයර,  අපූරු පෙනුමක් ඇති ලොව ප්‍රථම කාබන් ෆයිබර් සුපිරි කාර් රථය , ග්‍රෑම් දෙකක් පමණ බරැති ලොව කුඩාම හෘද පේස් මේකරය... වාර්ෂිකව පැවැත්වෙන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, නව අධි තාක්ෂණිකයින් සිය නිමැවුම් ප්‍රදර්ශනය කිරීමටත්, අදහස් හුවමාරු කර ගැනීමටත් ව්‍යාපාරික  තරග වැදීමටත් වේදිකාවක් බවට පත් වී තිබේ.

නව වටයේ විද්‍යා තාක්ෂණ හා කර්මාන්ත විප්ලවය ගෝලීය ව ව්‍යාප්ත වෙමින් පවතී. ඉන් නිපදවන නව තාක්ෂණාංග, නව කර්මාන්ත හා නව රටාවන්, ආර්ථික ශක්තිය බවට පත් කරලීමට අවශ්‍ය වන්නේ වෙළෙඳපොලේ පරීක්ෂණයයි. එහිදී චීනය, ගෝලීය නව තාක්ෂණාංග හා නව නිෂ්පාදිත පරීක්ෂණය කිරීමට කදිමම රටක් ලෙස පෙනී සිටී. 

ඊට හේතුවක් වන්නේ , චීනයට මේ සඳහා පූර්ණ ප්‍රවීණයන් හා තාක්ෂණ සංචිතය සතුවීමයි. නව තාක්ෂණාංග, ඉලක්ක වෙළඳපොලටත් ප්‍රායෝගික අවස්ථාවන්  සඳහාත් චීනයට මනා පහසුකමක් ඇත. අසීමිත විභවයක් ඇති චීන වෙළඳපොල, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ විශාල ආකර්ෂණීයත්වයට හේතු වූ බව නිසැකය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන