චීන වෙළෙඳපොල, ලෝක වෙළෙඳපොලක්, පොදුවේ බෙදා ගන්නා වෙළෙඳපොලක් හා සැමගේ වෙළෙඳපොලක්!
2020-11-05 16:55:21
Share with:

චීන වෙළෙඳපොල, ලෝක වෙළෙඳපොලක්, පොදුවේ බෙදා ගන්නා වෙළෙඳපොලක් හා සැමගේ වෙළෙඳපොලක් බවට පත් කරන බව පසුගිය 4 වනදා පැවති තුන්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ ආරම්භක උළෙල ඇමතූ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. ලෝකය සමග වෙළෙඳපොල අවස්ථා බෙදා ගනිමින්  ලෝක ආර්ථිකය පුනරුත්ථාපනය පෙළඹවීම පිළිබඳ දැවැන්ත රටක් දරන වගකීම ඉන් පිළිබිඹු වේ.

වෙළෙඳපොලේ අවස්ථා බෙදා ගැනීම, ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ආරම්භ කිරීමෙන් පසු චීනය ලෝකයට දුන් කඩ නොකරන  පොරොන්දුවකි. නව කොරොනා වසංගතයෙන් ලෝක ආර්ථිකයට දැඩි ලෙස පහර දී ඇති තත්ත්වය හමුවේ එම පොරොන්දුව වඩාත් මහඟු පොරොන්දුවකි. විවෘතභාවය හා සහයෝගතාව අතින්, චීනය දිගු කාලීන ව අධිෂ්ඨානය හා ධෛර්යය දරා සිට චින්තකයෙකු මෙන්ම ක්‍රියා කරන්නෙකු සේ ද කටයුතු කර ඇත.

අද දවසේ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය යන ජාත්‍යන්තර පොදු නිෂ්පාදිතයේ, ලෝකයට වැදගත්කම , වාණිජ පැතිකඩෙන් පමණක් සීමා නොවේ. එය විවිධ රටවල නිෂ්පාදිතයන් ගනුදෙනු පිටුපස පවතින මානව හුවමාරු, සහයෝගතාව යන ක්ෂේත්‍රවලටත් ව්‍යාප්ත වී ඇත. එක් එක් රටවල ගැටළු නිරාකරණය කරමින් ආර්ථික පුනර්ජීවනය ළඟා කර ගැනීමට ඉන් අත්‍යවශ්‍ය බලයක් ලබා දෙනු ඇත.

චීන උත්තරිතර නායකයාගේ ඇස්තමේන්තුවට අනුව, ඉදිරි වසර දහය තුළ චීනය ආනයනය කරන භාණ්ඩවල වටිනාකම ඇ.ඩො. ට්‍රිලියන 22ක් ඉක්මවනු ඇත. ලෝකයේ විශාලතම විභවය ඇති වෙළෙඳපොලෙන් ලෝකයට වඩාත් වැඩි යහපත ගෙන දෙනු ඇතැයි ඉන් කියැවේ. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳ සිය අපේක්ෂාවට චීනය ගන්නා ප්‍රායෝගික පියවර ලෙස මෙය හැඳින් විය හැකිය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන