අසාමාන්‍ය වර්තමානයේ චීන වෙළඳපොලේ ආකර්ෂණීයත්වය තවත් කැපී පෙනේ
2020-11-04 19:18:41
Share with:

තුන් වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය අද(4) රාත්‍රියේ ආරම්භ වීමට නියමිතය. පසුගිය සැප්තැම්බර් මාසයේ චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයෙන් පසුව චීනයේ පැවැත්වෙන තවත් මහ පරිමාණ මාර්ගගත නොවන ජාත්‍යන්තර ආර්ථික වෙළඳ ක්‍රියාකාරකමක් ලෙස මෙය සැලකේ. වසංගත පාලනය පිළිබඳව චීනය දැක්වූ ඵළදායිතාව හා ශක්තිය මෙමගින් පිළිබිඹු වේ. දුෂ්කරතා හමුවේ පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීම සඳහා ලෝක ආර්ථිකයට අතිශයෙන් අවශ්‍ය වන බලය  ඉන් බිහි වනු ඇතැයි ද විශ්වාස කෙරේ.

පසුගිය වසර තුන තුළ, ලෝකයේ එකම ආනයනය තේමා කර ගන්නා ජාත්‍යන්තර සහයෝගතා වේදිකාව වශයෙන්, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශය විදහා පා ඇති ජාත්‍යන්තරකරණය, වෘත්තීයකරණය හා වෙළඳපොළකරණය, කැපී පෙනෙන  ප්‍රගතියක් පෙන්නුම් කර ඇත. ප්‍රදර්ශන විශාලත්වය වර්ග මීටර් තිස් දහසකින් ව්‍යාප්ත කෙරිණ. ලොව බලවත්ම ව්‍යාපාර පන්සියට ඇතුලත් වන හා එක් එක් කර්මාන්තවල මුල් ස්ථානවල පවතින ව්‍යාපාර සඳහා වෙන් කර ඇති ප්‍රදර්ශන කලාපය, සියයට 14කින් වැඩි විය. ‍මෙවර අලුතෙන් සහභාගි වන ව්‍යාපාර ද කැපී පෙනේ. විශේෂයෙන් වෛද්‍ය උපකරණ හා ඖෂධ ප්‍රදර්ශන කලාපය වැඩි ජනප්‍රියත්වයකට ලක් වීම මෙවර ප්‍රදර්ශනයේ විශේෂත්වයකි. සජීවි ඉදිරිපත් කිරීම් මගින් භාණ්ඩ විස්තර කරමින් අලෙවි කිරීමේ නව ක්‍රම හඳුන්වා දී ති‍බේ. ඒ සඳහා චීනයේ ජනප්‍රියම අන්තර්ජාල ‍අලෙවි ප්‍රවර්ධකයන්ට එහි ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමට ආරාධනා කර ඇත. පාරිභෝගිකයින්ට මාර්ගගත ලෙස ප්‍රදර්ශනය නරඹමින් මුළු ලෝකයේ ම හොඳම භාණ්ඩ මිලට ගැනීමට ඉන් හැකි වනු ඇත.

පසුගිය වසර තුන තුළ, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය කෙරේ සේවාදායකයින්ගේ විශ්වාසය ද අඛණ්ඩව වර්ධනය විය. ඊට සහභාගි වූ බලවත් ව්‍යාපාර, යළිත් ඊට සහභාගි වීමේ අනුපාතය සියයට 70කට අධිකය. ඊට හේතුව, එම ප්‍රදර්ශනයට එක් වෙමින් ‘සරු අස්වනු’ ලබා ගැනීමට හැකිවීම පමණක් නොව, අසාමාන්‍ය වර්තමාන තත්ත්වය යටතේ චීනයේ වෙළඳපොල ගවේෂණය කිරීමට ඔවුන්ට දැඩි අවශ්‍යතාවක් සතු වන නිසාය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන