“පුස්සක්” වූ පොම්පියෝ ගේ සංචාරය
2020-11-03 20:14:11
Share with:

“එම්.සී.සී. ගිවිසුමට සිහිනෙන් හෝ අත්සන් තබන්නේ නෑ.”

ඒ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෑතකදී ශ්‍රී ලංකා මාධ්‍ය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී සිදු කළ ප්‍රකාශයකි. ශ්‍රී ලංකාවට ‘වාසියක්’ පෙන්වා චීනය මර්දනය කිරීමට එක් කර ගැනීමට  ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කළ සැලැස්ම බංකලොත් වී ඇති බව ඉන් පිළිබිඹු වේ.

ඇත්ත වශයෙන් මයික් පොම්පියෝ මෑතකදී අවසන් කළ ආසියානු රටවල් පහේ සංචාරය තුළදී, එවැනි ම ‘ඇණ’ කිහිපයක් මත ඔහු පා තබා ඇත. ඇමරිකානු ජනපතිවරණයට පෙර සුපරීක්ෂාකාරීව සැලසුම් කර ඇති ‘චීන-එදිරිවාදී සංචාරය’ ලෝක වාසීන් වපරැ‍සින් බලන විකට නාඩකමක් බවට පත් වී තිබේ.

ඉන්දියාවට MQ-9 මිනිසුන් රහිත ගුවන් යානා අලෙවි කිරීමේ අපේක්ෂාව සුන් විය. මාලදිවයින, ඉන්දුනීසියාව යන රටවලදී ද මයික් පොම්පියෝගේ රංගනය  අසාර්ථක විය. ඔහුගේ මෙවර සංචාරය “පුස්සක්” බව ඉන්දුනීසියාවේ ‘ජකර්තා පෝස්ට්’ පුවත් පත පෙන්වා දී තිබේ.

දකුණු චීන මුහුදු ප්‍රශ්නය ප්‍රයෝජනයට ගනිමින් චීනයට කරදර ඇති කිරීමේ අරමුණෙන් යුක්තව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අතිරේක වශයෙන් තාවකාලිකව වියට්නාමය සිය සංචාරක සැලැස්මට ඇතුළත් කර ති‍බුණද, එම සංචාරය චීනයට අදාළ එකක් බව වියට්නාමයට නොවැටහුණු බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වුවද සංචාරක රටවල්, සිය ඉන්දු ශාන්තිකර ක්‍රියාමාර්ගයට ඇතුලත් කර එම රටවල් ඇමරිකාවේ මෙවලම් බවට පත් කිරීම පිළිබඳ මයික් පොම්පියෝගේ මෙවර සංචාරයේ අරමුණ අංගසම්පූර්ණයෙන්ම පරාජයක් වූ බව පැහැදිලිය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන