ජනතාව කේන්ද්‍රකර ගත් චීන සංවර්ධනය ජගත් අවධානයට
2020-11-03 16:05:12
Share with:

ජනතාව කේන්ද්‍ර කර ගැනීම චීන සංවර්ධනයේ මූලික ශක්තියයි.

පසුගිය දා නිකුත් කරන ලද චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි මධ්‍යම කාරක සභාවේ 5වැනි පූර්ණ සැසිය පිළිබඳ ප්‍රකාශනය තුළ, ජන ජීවිතයේ ගුණාත්මකභාවය යහපත් කිරීම,ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නැංවා ගැනීම සහ ජනතාව වාසි සැලසීම,සතුට සහ ආරක්ෂාව පිළිබඳ හැඟීම තවදුරටත් තහවුරු කිරීම යන කරුණු ඇතුළත් වන අතර එහි “ජනතාව” යන්න 23 වතාවක් සඳහන් කර ඇත.ජනතාව උත්තරීතර ස්ථානයක තැබීම පිළිබඳව චීන කොමියුනිස්ට් පක්ෂය දරන දේශපාලන චින්තනය ඉන් පිළිබිඹු වී ඇත. එමෙන්ම මෑත වසර කිහිපය තුළ සිදු කෙරුණු ජාත්‍යන්තර ජනමත විමසුම් චීන රජය ප්‍රමුඛ ස්ථානයක පැවතීමේ හේතුවට නව සාක්ෂියක් ලබා දී තිබේ.

අදාළ ප්‍රකාශනයේ ප්‍රධාන කරුණු, ජනතාව යහපත් ජීවිතය කෙරෙහි අඛණ්ඩව දක්වන අවශ්‍යතාවන් කේන්ද්‍ර කර ගෙන ඇත.එමෙන්ම, සියළු ජනතාවට පොදු සමෘද්ධිමත් ක්‍රියාදාමයෙන් පෙරට වඩා කැපීපෙනෙන සැබෑ ප්‍රතිඵලයන් දිනා දීම,දිගුකාලීන ඉලක්කයක් ලෙස චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ 5වැනි පූර්ණ සැසිය ප්‍රථමවරට ඉදිරිපත් කිරීම තවත් සුවිශේෂ කරුණකි. එමගින් නිසැකවම ජනතාවගේ වාසිදායක බව,සතුට සහ ආරක්ෂාව පිළිබඳ හැඟීම තවදුරටත් වර්ධනය වනු ඇත.

ඒ හේතුවෙන් චීනයේ දහහතරවන පස් අවුරුදු සැලැස්ම තුළ ඉදිරිපත් කෙරුණු සංවර්ධන ඉලක්කය කෙරෙහි ජගත් ප්‍රජාව පොදුවේ විශ්වාසය හා අපේක්ෂාව පළ කර ඇත. 

ජනතාවගේ යහපත් ජීවිත අපේක්ෂාව අඛණ්ඩව ඉටු කිරීම චීනය ඉදිරියට ගෙන යාමේ මූලික ශක්තිය බවත් ජගත් ප්‍රජාව චීන පාලනය අවබෝධ කරගැනීමේ කේන්ද්‍රීය ක්‍රමයක් බවත් ඉතා පැහැදිලිය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන