චීනයේ ජෛව පරිසර සංරක්ෂණය හා හරිත සංවර්ධනය
2020-11-01 20:41:58
Share with:

ඉදිරි වසර 5 තුළ චීනයේ නිෂ්පාදනය හා ජීවන රටාව හරිතකරණයෙන් යුක්තව හැඩ ගැසෙනු ඇති බවත්, වසර 2035 වන විට චීනයේ ජෛව පරිසරය මුළුමනින් ම යහපත් වී සුන්දර චීනය ගොඩ නැගීමේ ඉලක්කය මූලික වශයෙන් සැබෑ කෙරෙනු ඇති බවත්, පසුගිය දා බෙයිජිං හි පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි මධ්‍යම කාරක සභාවේ 5වැනි පූර්ණ සැසිය නිකුත් කළ ප්‍රකාශනයේ සඳහන් වේ. ජෛව පරිසර සංරක්ෂණය හා හරිත සංවර්ධනය රටේ වැදගත් සංවර්ධන ඉලක්කයක් බව එමගින් පිළිබිඹු වේ.

දේශගුණ විපර්යාස තුළින් ඇති වන අභියෝගවලට මුහුණ දෙමින් තිරසර සංවර්ධනය ලබා ගැනීම,  වර්තමානයේ ජගත් ප්‍රජාවේ දැඩි අවධානයට ලක් වන මාතෘකාවකි. බිලියන 1.4ක ජනගහණයක් සිටින විශාල රටක් වශයෙන් චීනය ගෙවී ගිය වසර 5 තුළ ජෛව පරිසර සංරක්ෂණය ඉතා වැදගත් කොට සලකමින් ඒ සඳහා දැවැන්ත ආයෝජනයක් සිදු කර ඇත. එම කාලයේ අහස පෙරට වඩා නිල්වන් වූ අතර වායුව පෙරට වඩා පවිත්‍ර වූ බව සෑම චීන වැසියයෙකුට පමණක් නොව චීනයේ වෙහෙසන විදේශිකයන්ට ද හොඳින් දැනිණ. චීනය අවසන් කළ 13වැනි පස් අවුරුදු සැලැස්මෙන් නියම කරනු ලැබූ සංවර්ධන ඉලක්ක 25ක් අතරින් පරිසර සංරක්ෂණයට අදාළ ඉලක්ක 10ක් විය. ඇත්ත වශයෙන් අඛණ්ඩ ව හරිත සංවර්ධනය ඉදිරියට ගෙන යාම, පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ රාජ්‍ය පරිපාලන සංකල්පයේ වැදගත් කොටසකි. හරිත සංවර්ධනය මගින් චීනයේ ‍ජෛව පරිසරය නොකඩවා ම යහපත් වන අතර චීන සංවර්ධනයේ ගුණාත්මකභාවය ස්ථිර ලෙස ඉහළ යමින් පවතින බව දක්නට ලැබේ. උදාහරණයක් වශයෙන් ගෙවී ගිය වසර 5 තුළ සුළං බලය සහ සූර්ය බලශක්තිය වැනි නව බලශක්ති කර්මාන්ත සීග්‍රයෙන් වර්ධනය වී ති‍බේ. එයින් චීනයේ ආර්ථික වර්ධන මාදිලිය හරිත හා අඩු කාබන් බවට පරිවර්තනය වීමට අඛණ්ඩ රුකුලක් ලබා දී තිබේ. අදාළ ඇස්තමේන්තුව අනුව, වසර 2025 වන විට චීනයේ හරිත ආර්ථිකය තුළින් චීන යුවන් ට්‍රිලියන 12ක වටිනාකමක් නිර්මාණය වනු ඇති අතර එය චීන දළ දේශීය නිෂ්පාදිතයෙන් 8%ක් වනු ඇත. වසර 2035 වන විට එම අනුපාතය 10% ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන