19වැනි මධ්‍යම කාරක සභාවේ 5වැනි පූර්ණ සැසියේ ප්‍රකාශනය කෙරෙහි ජාත්‍යන්තර මාධ්‍යයන්හි ප්‍රමුඛ අවධානයක්
2020-10-31 21:33:12
Share with:

මේ දිනවල Bloomberg ප්‍රවෘත්ති සේවය සහ Fortune සඟරාව ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය පසුගිය දා චීනයේ බෙයිජිංහිදී පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි මධ්‍යම කාරක සභාවේ 5වැනි පූර්ණ සැසිය පිළිබඳ අවධානය යොමු කර සිටී. එම පූර්ණ සැසිය නිකුත් කළ ප්‍රකාශනය එම මාධ්‍යයන්හි දැඩි විමසිල්ලට ලක්ව තිබේ.“ඉදිරි වසර 5 සඳහා චීනය ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය වෙනුවෙන්, රට විද්‍යා තාක්ෂණ බලවතෙකු බවට පත් කිරීමට චීනය අපේක්ෂා කරයි.” ,“ චීනයේ නව පස් අවුරුදු සැලැස්ම බොහෝ අපේක්ෂාවලින් යුක්ත ය. ගෝලීය විද්‍යා තාක්ෂණ බලවතෙකු වීමට චීනය අදිටන් කර සිටී.”යනුවෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

න‍වෝත්පාදනය චීනය සිය 14වැනි පස් අවුරුදු සැලැස්ම තුළ අවධාරණය කළ වචනයකි. ඒ අනුව චීනයේ නවීකරණ සංවර්ධන ක්‍රියාවලියේදී නවෝත්පාදනය කේන්ද්‍රීය ස්ථානයක පවතී. ස්වෝත්සාහයෙන් විද්‍යා තාක්ෂණ සංවර්ධනය චීන ජාතික සංවර්ධනයේ උපාය මාර්ගයක් වශයෙන් නියම කර ඇත්තේ පළමු වතාවට වීම විශේෂත්වයකි. මීට පෙර චීනය සිය පස් අවුරුදු සැලැස්ම සම්පදානය කිරීමේදී නවෝත්පාදනය මෙලෙස වැදගත් කොට සැලකීම දක්නට නොලැබිණ. විද්‍යා තාක්ෂණික නිර්මාණශීලිත්වය චීනයේ අනාගත සංවර්ධනයට තීරණාත්මක වන බව එමගින් මනා ලෙස පිළිබිඹු වේ.

චීනය මුහුණ දී සිටින්නේ වෙනස් වෙමින් පවතින සංකීර්ණ දෙස් විදෙස් පරිසරවලට ය. දේශීය වශයෙන් නව වටයේ විද්‍යා තාක්ෂණික විප්ලවය හා කාර්මික නවෝත්පාදනය, චීන ආර්ථිකය ඉහළ මට්ටමින් වර්ධනය වීම සහ චීන ආර්ථික වර්ධන රටාව පරිවර්තනය වීම වෙනුවෙන් නව අවස්ථා සපයා දෙනු ඇත. නුදුරේදී පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන  චීන සමාජවාදී නවීකරණ ක්‍රියාදාමය සඳහා නවෝත්පාදනය පෙර නොවූ විරූ අන්දමින් අවශ්‍ය වේ. විදේශීය වශයෙන් බලන විට ඒකපාර්ශ්වවාදය හා ආරක්ෂණවාදය හිස ඔසවමින් සිටී. කේන්ද්‍රීය තාක්ෂණය කිසිවෙකුගෙන් ඉල්ලා ගැනීමට හෝ මිළදී ගැනීමට නොහැකි ය. එබැවින් ස්වොත්සාහයෙන් විද්‍යා තාක්ෂණය සංවර්ධනය කිරීමෙන් පමණක් ලොව කේන්ද්‍රීය තාක්ෂණ ක්ෂේත්‍රයේ බාධා රහිතව ජාතික පැවැත්ම ආරක්ෂා කළ හැක්කේ යැයි චීනයට අවබෝධ වී තිබේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන