විවෘත ලෝක ආර්ථික රටාවක් ගොඩ නැගීම කෙරෙහි චීනයේ දැඩි විශ්වාසය
2020-10-31 17:19:12
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි මධ්‍යම කාරක සභාවේ 5වැනි පූර්ණ සැසිය පසුගිය දා බෙයිජිංහිදී පැවැත්විණ. එහිදී චීන ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනයේ 14වැනි පස් අවුරුදු සැලැස්ම සහ 2035 වසරේ ඉදිරි දැක්ම පිළිබඳ යෝජනාව සම්මත කෙරිණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (30) මාධ්‍ය හමුවක් පවත්වමින් එම යෝජනා පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් සිදු කළේ ය.

නව තත්ත්වය යටතේ චීනය කුමනාකාර සංවර්ධනයක් ලබා ගත යුතු ද ? එම සංවර්ධනය සඳහා චීනය කෙලෙසින් කටයුතු කළ යුතු ද ? මෙවන් ප්‍රශ්න සඳහා එම යෝජනාව මනා පිළිතුරක් ලබා දී ඇත. එම යෝජනාව සකස් කර ඇත්තේ, ඉදිරි වසර 5 සඳහා වන චීන ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක හා කර්තව්‍යයන් සහ ඊට අදාළ පියවර පිළිබඳවයි. එය චීනයේ අනාගත සංවර්ධනය වෙනුවෙන් පැහැදිලි දිශාවක් නියම කර ඇති අතර ලෝක ආර්ථික පුනරුත්ථාපනය හා වර්ධනය වෙනුවෙන් නව අවස්ථාවක් නිර්මාණය කරනු ඇතැයි විශ්වාස කෙරේ.

මධ්‍ය හා දිගුකාලීන සැලසුම් මගින් රටේ ආර්ථික හා සමාජ සංවර්ධනය ඉදිරියට ගෙන යාම, චීනයේ පාලක කොම්යුනිස්ට් පක්ෂයේ වැදගත් රාජ්‍ය පරිපාලන ක්‍රමවේදයකි. පසුගිය දා පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි මධ්‍යම කාරක සභාවේ 5වැනි පූර්ණ සැසියේ වැදගත් කාර්යභාරයක් වූයේ 14වැනි පස් අවුරුදු සැලැස්ම නියම කරමින් චීනයේ ඉදිරි වසර 5හේ සංවර්ධනය සඳහා නියමිත දිශාවක් ලබා දීමයි. ඉදිරි වසර 5 වන්නේ, චීනය සශ්‍රීක සමාජයක් සම්පූර්ණයෙන් ගොඩ නගමින් පළමු සියවසේ සංවර්ධන ඉලක්කය සපුරාලීමෙන් පසු 2වැනි සියවසේ සංවර්ධන ඉලක්කය කරා ගමන් ගන්නා පළමු පස් අවුරුදු කාලයයි. චීන ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනයේ 14වැනි පස් අවුරුදු සැලැස්ම ඉතා වැදගත් වන්නේ එබැවිනි.

වඩාත් ඉහළ මට්ටමකින් විදේශයන් වෙත විවෘත කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි මධ්‍යම කාරක සභාවේ 5වැනි පූර්ණ සැසියේදී අවධාරණය කෙරිණ. විවෘත ලෝක ආර්ථික රටාවක් ගොඩ නැගීමට චීනය දැඩි විශ්වාසයෙන් පසු වන බව එමගින් ද පැහැදිලි වේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන