චීනය සමාජවාදී නවීකරණ රටක් බවට පත් කෙරෙන 14 වැනි පස් අවුරුදු සැළසුම් කාලය
2020-10-30 10:40:43
Share with:

පසුගිය 26 වැනිදා සිට 29 වැනිදා දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ 5 වැනි පූර්ණ සැයිය බෙයිජිං හිදී පැවැත්වුණා. චීන කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ෂී ජින් පිං මහතා මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය වෙනුවෙන් කාර්යය වාර්තාව ඉදිරිපත් කළා. එහි සියලු සාමාජිකයන් එම වාර්තාවට සවන් දී හිටියා. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනය පිළිබඳ 14 වැනි පස් අවුරුදු සැළැස්ම සහ 2035 වර්ෂයේ දිගුකාලීන ඉලක්කය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමේ යෝජනා, නමැති එම වාර්තාව මෙවර පූර්ණ සැසියේදී සාකච්ඡාවට ලක් කර සම්මත කර තිබෙනවා. 

පස් අවුරුදු සැළැස්ම, චීන කොමියුනිස්ට් පක්ෂය විසින් රට පාලනය කිරීමේ වැදගත් උපායමාර්ගයක් මෙන්ම චීන සංවර්ධන ගමන්මඟ මිනුම් කිරීමේ වැදගත් සංධිස්ථානයක්. වසර 1953නේ සිට ආරම්භ වූ පළමු වැනි පස් අවුරුදු සැළැස්මේ සිට, සම්පාදනය කෙරෙමින් පවතින 14 වැනි පස් අවුරුදු සැළැස්ම දක්වා අවුරුදු පහෙන් පහට නියමිත ඉලක්කය කරා ස්ථිර ලෙස ගමන් කරන්නට චීනයට පුළුවන් වුණා.

14 වැනි පස් අවුරුදු සැළසුම් සමය, චීනය සමාජවාදී නවීකරණ රට ලෙසට සම්පූර්ණයෙන් ම පත් කිරීමේ ගමනාන්තය වෙත පිටත් වන පළමු අවුරුදු පහයි. චීනයේ සංවර්ධනය අලුත් අදියරකට ප්‍රවේශ වනු ඇතැයි සඳහන් කෙරෙනවා. අධි ගුණාත්මකභාවය, නිර්මාණශීලිත්වය තහවුරු කිරීම, ජන ජීවිත ඉවහල් වීම, සුරක්ෂිතභාවය තහවුරු කිරීම චීන සංවර්ධනය පිළිබඳ මූලපද බවට පත් වෙනවා. 

ගෙවී ගිය පස් අවුරුදු කාල පරිච්ඡේද සමස්ථයක් වශයෙන් සසඳා බැලීමේදී, 14 වැනි පස් අවුරුදු සැළසුම් කාලයේ චීනය සුබ සෙත සමාජය සම්පූර්ණයෙන් ම බිහි කිරීම ඉටු කර ගත හැකි වෙතැයි චීන රාජ්‍ය මණ්ඩලයේ උපදේශක කාර්යාලයේ විශේෂ පර්යේෂක යෝ ජින්ග් යුවාන් මහතා පෙන්වා දුන්නා. ඒ හේතුවෙන් 14 වැනි පස් අවුරුදු සැළසුම් කාලයේ චීන ආර්ථික සංවර්ධනයේ අධි ගුණත්මකභාවය මෙන්ම තිරසර බව හා විධිමත් බව කෙරෙහි ද වැඩි අවධානය යොමු කිරීම සිද්ධ වෙනවා.

13 වැනි පස් අවුරුදු සැළසුම් කාලය තුළ චීන ආර්ථිකය අධි හා මධ්‍යම වේග‍වත් සංවර්ධනයක් පවත්වා ගෙන යාම සඳහා ඉලක්ක කෙරුණා. එහෙත් 14 වැනි පස් අවුරුදු සමයේ, ආර්ථික කටයුතු අධි ‍වේගයේ සිට අධි ගුණාත්මකභාවය වෙත පරිවර්තනය කෙරෙනු ඇතැයි යෝ ජින්ග් යුවාන් මහතා අවධාරණය කළා. එම සමයේ දේශීය මහ චක්‍ර ප්‍රධාන කර ගෙන, දෙස් විදෙස් ද්විත්ව චක්‍ර අන්‍යෝන්‍ය වශයෙන් යහපත් වන අලුත් සංවර්ධන පද්ධතියක් බිහි කිරිමට චීනය දායක වන බව හෙතෙම පැවසුවා.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන