චීනයේ තායිවාන සමුද්‍ර සන්ධි ප්‍රදේශය නොසන්සුන් තත්වයට පත් කිරීමේ ඇමරිකානු උත්සාහය අසාර්ථක වෙයි
2020-10-29 10:20:20
Share with:

පසුගිය සතියේ චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ පද්ධති වර්ග තුනක් අලෙවි කිරීමට අනුමත කිරීමෙන් අනතුරුව, ඇමරිකානු රජය මෑතකදී එම ප්‍රදේශයට තවත් ඇ.ඩො. බිලියන 2.4ක වටිනාකම ඇති වෙරළ ආරක්ෂක පද්ධති 100ක් අලෙවි කිරීමට අනුමත කර ඇත. එය, ජනපතිවරණ වර්ෂයේදී, තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම උපායක් ලෙස ගනිමින් තායිවාන සමුද්‍ර සන්ධි ප්‍රදේශය නොසන්සුන් තත්ත්වයකට පත්කරමින් චීනයේ සංවර්ධනය මර්දනය කිරීමට ඇමරිකාව දරා ඇති තවත් උත්සාහයක් බව පැහැදිලිය.

තායිවාන ප්‍රශ්නය චීනයේ කේන්ද්‍රීය යහපතට සම්බන්ධ වන අතර එය චීන ඇමරිකානු සබඳතාවෙහි සංවේදීම ගැටළුවය. චීන ජනතාව සාමයට ආදරය කළද, සිය රටේ ස්වාධිපත්‍යය හා ආරක්ෂක යහපතට හානි වන ප්‍රතිඵල පිළි නොගනියි. තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීමට එක් වූ ඇමරිකානු ව්‍යාපාර, පුද්ගලයන් හා ආයතනවලට සම්බාධක පනවන බව චීනය පසුගියදා ප්‍රකාශ කර ඇත. ඇමරිකාව තවදුරටත් තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය උග්‍ර කරවීමට තැත් කළහොත්, චීනය ඊට දැඩි ප්‍රතිචාරය දක්වනු ඇත.

තායිවාන ජාත්‍යන්තර උපායමාර්ගික සංගමය හා තායිවාන ජාත්‍යන්තර පර්යේෂණ ඇකඩමිය පසුගියදා ඒකාබද්ධව පැවැත්වූ ජනමත සමීක්ෂණයකට අනුව, සියයට 94ක ජනතාව තායිවාන සමුද්‍ර සන්ධි ප්‍රදේශයේ සාමකාමී සහපැවැත්මට අපේක්ෂා කරන අතර සියයට 80ක් දෙපාර්ශවයේ අදහස් හුවමාරුවට අනුබල දක්වා ඇත. එබැවින් ඇමරිකාව අදාළ ගැටළුවේ සංවේදීබව හා තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ජනතාවගේ මතය අවබෝධ කර ගනු ඇතැයි චීනය අපේක්ෂා කරයි. කෝටි 140ක චීන ජනතාවට රටේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධන යහපත හානි වන තුරු නොතකා සිටිය නොහැකිය. ඕනෑම පුද්ගලයෙකුට හෝ ඕනෑම බලවේගයකට චීන‍ය බෙදීමට චීන ජනතාව ඉඩ නොදෙනු ඒකාන්තය. තායිවාන සමුද්‍ර සන්ධි ප්‍රදේශයේ නොසන්සුන්තාවය ඇති කරන්නන්ට, බැරෑරුම් ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදු වනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන