දේශගුණ විපර්යාස හා පරිසර සංරක්ෂණය වෙනුවෙන් ඇමරිකාවේ දුබල පිළිවෙත
2020-10-27 20:55:04
Share with:

මෑතකදී  ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන් දේශගුණ විපර්යාසය හා පරිසර සංරක්ෂණය පිළිබඳ ප්‍රශ්න ඉස්මතු කරමින් චීනයට එරෙහිව මත පළ කර ඇත. එහෙත් ගෝලීය පරිසර සංරක්ෂණ සහයෝගිතාවට වැඩිම බාධා කළ රට බවට පත්වී ඇත්තේ චීනය නොව ඇමරිකාව බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

හරිතාගාර වායු විමෝචනය අතින් ලොව ඉදිරියෙන් ම සිටින රටක් වශයෙන් ඇමරිකාව ගෝලීය දේශගුණ තත්ත්වයට දැඩි ලෙස බලපෑම් ඇති කරන බව රහසක් නොවේ. එහෙත් මේ පිළිබඳ නිවැරදි ආකල්පයකින් ‍තොරව ඇමරිකාව සිය වගකීම් හා යුතුකම් නිසි ලෙස ඉටු කර ‍නොමැත.ඇමරිකානු නායකයන් බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ ක‍ර ඇත්තේ ගෝලීය උණුසුම්කරණය බොරුවක් බවයි. ජී-20 කණ්ඩායම දේශගුණ විපර්යාසය පිළිබඳව එකඟතාවයකට එළඹීමට අවස්ථා කිහිපයකදී ම බාධා කරමින්, ගෝලීය දේශගුණික ප්‍රශ්නවලදී ජී-20 කණ්ඩායමේ මෙහෙවර අවම කිරීමට ඇමරිකාව උත්සාහ දරා ඇත. මේ වන විට දේශගුණ විපර්යාසය පිළිබඳ පැරිස් සම්මුතියෙන් ඉවත් වූ එකම සාමාජික රට වන්නේ ඇමරිකාවයි. මෙවන් ක්‍රියා මගින් ‍ගෝලීය හරිතාගාර වායු වි‍මෝචන පාලනයට දැඩි අහිතකර බලපෑම් එල්ල වී තිබේ.

ලොව ප්‍රබලම බලවතෙක් වුවද  ගෝලීය පරිසර සංරක්ෂණයට මූල්‍ය දායකත්වය දැක්වීමට ඇමරිකාව  මැළිකමක් දක්වයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශගුණ විපර්යාසය පිළිබඳ රාමු ගිවිසුමේ සාමාජිකයෙක් වශයෙන්, ඇමරිකාව 2018 වසරේ සිට සිය සාමාජික ගාස්තුව ගෙවා නොමැත. මේ වන විට එම නොගෙවූ ගාස්තුව යු‍රෝ එක් කෝටි 35 ලක්ෂ 50 දහසක් පමණ වේ. එපමණක් ‍නොව අපද්‍රව්‍ය කළමනාකරණය, වනජීවී ජාවාරම සහ ජෛව විවිධත්වය පිළිබඳ ගෝලීය පාරිසරික පාලනය සඳහා ඇමරිකාව විවිධ ගැටලු ඇති කරයි. ඇමරිකාව දිගු කලක් තිස්සේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සඳහා අවසාන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථානය ලෙස, ප්‍රමාණවත් සැකසුම් ධාරිතාවක් නොමැති සංවර්ධනය වෙමින් පවතින රටවල් යොදා ගෙන ඇත. එයින් සංවර්ධනය වෙමින් පවතින රටවල පාරිසරික අවශ්‍යතා සහ මහජන සෞඛ්‍යයට බරපතල හානියක් සිදු වී තිබේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන