වකුගඩු රෝගය පිළිබඳ චීන ශ්‍රී ලංකා සහයෝගිතාවයේ නව ප්‍රගතියක්...
2020-10-26 14:04:49
Share with:

ශ්‍රී ලංකාවේ හැත්තෑ දහසක් විතර ජනගහනයක් වකුගඩු රෝගයෙන් පීඩා විඳී සිටින බව වාර්තා වෙනවා. වාර්ෂිකව එම නාඳුනන වකුගඩු රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව දහසක් පමණ වෙනවා. ‍පොලොන්නරුව ඇතුළු උතුරුමැද පළාතේ ප්‍රදේශවල නියං තත්ත්වයේ පවතින කලාපවල එම වකුගඩු රෝගය වැඩියෙන් වාර්තා වෙනවා.

වසර 2015 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත, පොළොන්නරු දිස්ත්‍රික්කයේ වකුගඩු රෝහලක් ඉදි කිරීමට ආධාර දීමට චීනය එකඟ වුණා. මේ වන විට, චීන ශ්‍රී ලංකා දෙරටේ නායකයින්ගේ පොදු තීරණයක් මත ඉදි කෙරෙන පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ ඉදි කිරීම් කටයුතු කඩිනම් කෙරෙමින් පවතිනවා. නවීකරණ හා ඉහල ගුණාත්මකභාවයෙන් යුත් එම වකුගඩු රෝහල, අවට පවතින වකුගඩු චිකිත්සාගාර සම්බන්ධ කර ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ගොඩනැගීමට අපේක්ෂා කෙරෙනවා.

මේ අතර 2015 වසරේ, නාඳුනන වකුගඩු රෝගය පිළිබඳ ප්‍රශ්නය පර්යේෂණය කිරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජල තාක්ෂණික පර්යේෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද දෙරට අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා. ගෙවී ගිය වසර පහක් තුළ එම මධ්‍යස්ථානයේ සංවර්ධනය සුමටව සිදු කෙරෙමින් පවතිනවා. එහි ඉදි කර ඇති ජල පවිත්‍ර ව්‍යාපෘති මගින්, එම වකුගඩු රෝග කලාපයේ ගම් වැසියන් 4000ක් හා ප්‍රාථමික සිසුන් 1300ක් වෙනුවෙන් ගුණාත්මක පානීය ජල සපයා දී තිබෙනවා.

නාඳුනන වකුගඩු රෝගය මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ චීනය අතර පවත්නා සහයෝගතාවයට මෑතකදී නව ප්‍රගතියක් එකතු කර තිබෙනවා. ජලයේ ගුණාත්මකභාවය යහපත් කිරීම හා වකුගඩු රෝග පර්යේෂණය පිළිබඳ නව සහයෝගිතා ගිවිසුමකට, ශ්‍රී ලංකාව හා චීනය පසුගියදා අලුතෙන් අත්සන් තබා තිබෙනවා. ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ පර්යේෂණ පැවැත්වීම හා වකුගඩු රෝගවලට හේතු සොයා ගැනීම සඳහා ද්විපාර්ශ්වික සහයෝගිතාව පුළුල් කිරීම එහි අරමුණයි.

දිගු කාලයක් පුරා ජල සැපයුම, ජල තත්ත්ව පර්යේෂණය හා වකුගඩු රෝග වැළැක්වීම යන ක්ෂේත්‍ර තුළදී දෙරට අතර පවත්නා සහයෝගිතාවයෙන් ශ්‍රී ලාංකික ජනාතාවට ප්‍රායෝගික වාසි රැසක් තවදුටරත් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා.‍

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන