චීන ජාති‍යේ ශ්‍රේෂ්ඨ ආත්මීය ශක්තිය පිළිඹිබු කළ 70 වසරකට පෙර අතීතය
2020-10-23 19:40:09
Share with:

චීන ජාති‍යේ ශ්‍රේෂ්ඨ ආත්මීය ශක්තිය පිළිඹිබු කළ 70 වසරකට පෙර අතීතය

සාමයට ලැදි චීන ජනතාව කිසිදු ප්‍රකෝප කිරීමකට බිය නැත

ඇමරිකානු ආක්‍රමණයට එරෙහි ව චීන ස්වේච්ඡා භටයෝ උතුරු කොරියාවට ආධාර කර මහා යුද්ධය, අධිරාජ්‍යවාදී ආක්‍රමණය හා ව්‍යාප්තිය වලක්වා ගැනීමට සමත් වූහ. එමෙන්ම නව චීනයේ ආරක්ෂාව සුරක්ෂිත කරමින් චීන ජනතාවගේ සාමකාමී ජීවිතය ආරක්ෂා කිරීමට ද හැකිවිය. කොරියානු අර්ධද්වීපයේ තත්ත්වය ස්ථාවර කර, ආසියාවේ සහ ලෝක සාමය පවත්වා ගත්තේ යැයි චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද පැවති ඇමරිකානු ආක්‍රමණයට එරෙහි සහ කොරියාවට ආධාර කිරීමට එරෙහි සටනේ 70 වන සංවත්සරයේදී චීන මහජන ස්වේච්ඡා භටයන් අනුස්මරණය කරමින් වැදගත් දේශනයක් පවත්වමින් පැවසීය. මෙම යුද්ධයේ දුෂ්කර ඉතිහාසය සහ ඓතිහාසික වැදගත්කම සවිස්තරාත්මකව සමාලෝචනය කළ ෂී ජින්පිං මහතා, උතුරු කොරියාවට එරෙහි ඇමරිකානු ආක්‍රමණයට හා ආක්‍රමණශීලීත්වයට එරෙහි වීමේ ආත්මීය පොහොසත් අර්ථය සහ යුගයේ වටිනාකම ගැඹුරින් විග්‍රහ කළේය. ඇමරිකානු ආක්‍රමණයට හා ආක්‍රමණශීලිත්වයට එරෙහි වීම සඳහා යුද්ධයේ හෙළිදරව් කිරීම් සාරාංශගත කළ එම දේශනය, චීනයේ භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ එක්සත්කම ආරක්ෂා කිරීම සහ ලෝක සාමය සුරැකීම හා ස්ථාවරත්වය පිළිබඳ පැහැදිලි සංඥාවකි.

යුක්තිය ඉටු කිරීමට පළමුවෙන්ම යුක්තිය ඉගැන්විය යුතු යැයි මීට වසර 70 කට පෙර ඇමරිකානු ආක්‍රමණයට එරෙහි වී කොරියාවට ආධාර කළ යුද්ධයේ මූලික ස්වභාවයයි. 1950 වසරේ ජුනි මාසයේදී, කොරියානු සිවිල් යුද්ධය පැතිර යාමත් සමඟ, ඇමරිකානු රජය ගෝලීය උපාය මාර්ග හා සීතල යුධ චින්තනය මත පදනම්ව කොරියානු සිවිල් යුද්ධයට මැදිහත් වීමට තීරණය කළේය. චීන නිරතුරව සිදුකළ අනතුරු ඇඟවීම් නොතකා, ඇමරිකානු හමුදාව "චීන ජනතාවට එරෙහි යුද්ධයකට බල කරමින්" චීනය සහ උතුරු කොරියාව අතර දේශ සීමාව යුද්ධයෙන් ගිනිබත් කළහ. මෙම තීරණාත්මක අවස්ථාවේදී, එවක මාඕ සේතුං සහ සෙසු චීන නායකයෝ චීන ජාතිකයින් ස්වේච්ඡාවෙන් විදේශයක සටනකට යොමු කිරීමට තීරණය කළහ .

අද චීනය සමරන්නේ මීට වසර 70 කට පෙර තම ගේදොර සහ රට ආරක්ෂා කර ගැනීම සඳහා වූ සාධාරණ සටනයි. අඛණ්ඩ ගැටුමකට නොව ඓතිහාසික අත්දැකීම් වලින් ඉගෙන‍ගෙන ඉන් ප්‍රායෝගික හා දිගු කාලීන පාඩම් ලබා ගැනීමටත්, සාමය වඩා හොඳින් ඉදිරියට පවත්වා ගැනීමටත් හැකි වෙයි. විදේශයන්හි සටන් කිරීමේදී චීන මහජන ස්වේච්ඡා භටයන් විසින් පිළිඹිබු කළ ඇමරිකානු ආක්‍රමණ සහ ආක්‍රමණශීලිත්වයට එරෙහි වීමේ ආත්මීය ශක්තියට අවකාශ-කාලීන වැදගත්කමක් ඇත. දේශපේ‍්‍රමය, විප්ලවවාදී වීරත්වය, විප්ලවවාදී ශුභවාදී බව, විප්ලවවාදී පක්ෂපාතීත්වය සහ ජාත්‍යන්තරවාදය ඒකාබද්ධ කරන මෙම ශ්‍රේෂ්ඨ ආත්මීය ශක්තිය, චීන ජාතියේ සහ චීන ජනතාවගේ වටිනා අධ්‍යාත්මික ධනයක් බවට පත්ව ඇති අතර, අවදානම් සහ අභියෝග අඛණ්ඩව ජයගෙන සිය සංවර්ධන මාවත නිර්භීතව ඉදිරියට ගෙනයෑම සාක්ෂාත් කර ගැනීමට චීන ජනතාව පොළඹවා තිබේ.

චීන ජාතිය බිය ගැන්වීමට හෝ යටත් කිරීමට නොහැකිය. ඇමරිකානු ආක්‍රමණයට එරෙහි ව කොරියාවට ආධාර සටන සහ එය පෝෂණය කළ ආත්මය, සියලු අවදානම් සහ අභියෝගයන්ට එරෙහිව සටන් කිරීමට, සාමකාමී සංවර්ධනය, විවෘත සංවර්ධනය, හවුල්කාරී සංවර්ධනය සහ පොදු සංවර්ධනයේ මාවත දැඩිව අනුගමනය කිරීමට සහ මානව වර්ගයා සඳහා පොදු ඉරණම සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කර සංවර්ධනය සඳහා දීප්තිමත් අනාගතයක් සඳහා අනෙකුත් රටවල් සමඟ කටයුතු කිරීමට චීන ජනතාව පොළඹවනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන