තාර්කික බුද්ධියෙන් ඈත් වී ඇමරිකාව පිටුපස ලුහුබැඳ යන ස්වීඩනය සිය ජාත්‍යන්තර ප්‍රතිරූපයට ද හානි කර ගනී
2020-10-22 10:08:28
Share with:

 ඊනියා ආරක්ෂාව සඳහා චීනයේ හුවාවෙයි හා ‍ZTE සමාගම්, සිය රටේ 5ජී අන්තර් ජාල සංවර්ධනයට එක් වීම තහනම් කරන බව ස්වීඩනයේ විදුලි සන්දේශ නියාමන ආයතනය පසුගිය 20 වනදා ප්‍රකාශ කළේය. එය, එරට ඇමරිකාව පිටුපස ලුහුබැඳ යමින් චීන ව්‍යාපාරවලට එරෙහිව සිදු කළ දේශපාලන ප්‍රහාරයක් බව පැහැදිලිය. අදාළ චෝදනාව සඳහා ස්වීඩනය කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත. ඊනියා ආරක්ෂාව, අභූත හේතුවක් පමණි.

ස්වීඩනය හුවාවෙයි ඇතුළු චීන සමාගම්වලට පීඩනය එල්ල කිරීම තුළින්, එරට පවතින චීන-එරෙහි බලවේගයේ මනෝභාවය හා ඔවුන්ගේ පිටුපස සිටින ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින්ගේ උසිගැන්වීම් දැකිය හැකිය. එහෙත් සාධාරණය නොතකා ඇමරිකාව සමගම එක්ව හැසිරීම, සිය රටේ යහපතට අනුකූල වේ ද යන්න එරට කල්පනාවට ලක් කළ යුතු ප්‍රශ්නයකි. ස්වීඩනයේ චීන තානාපති කාර්යාලය පෙන්වා දී ඇති පරිදි, දිගු කාලයක් පුරා හුවාවෙයි සහ ZTE යනාදී චීන සමාගම් ස්වීඩනයේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දී තිබිණ. එරට ආරක්ෂාවට කිසිදු තර්ජනයක් එල්ල වී නොමැත. කිසිදු සත්‍ය පදනමක් හා නියම සාක්ෂියක් නොමැතිව චීන ව්‍යාපාරවලට පීඩනය එල්ල කිරීම ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ රෙගුලාසීන් උල්ලංඝනය කරන්නක් වන අතර එය එම රටේ බහුපාර්ශ්වික සහයෝගතාව අනුගමනය කිරීමේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට ද හානිකරය.

විවෘතභාවය හා සහයෝගතාවන් ක්‍රියාත්මක කරමින් පොදු ජයග්‍රහණ දිනා ගන්නවා ද? නැත හොත්, ඇමරිකාව පිටුපස ලුහුබැඳ යනවා ද? දැනට ස්වීඩනය සිදු කළ තෝරා ගැනීම තුළින් එරට තාර්කික බුද්ධියෙන් ඈත් වී සිටින බව පෙනේ. කෙසේ වුවද ඇමරිකාව වෙනුවෙන් දේශපාලන හිරිහැර කරන්නෙකු සේ ‍කටයුතු කළහොත්, ඇති විය හැකි බැරෑරූම් ප්‍රතිඵලයන් ද ස්වීඩනය පිළි ගත යුතුය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන