චීනයේ ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තයේ විශාල පරිමාණයේ බලහත්කාර ශ්‍රම තත්ත්වයක් පවතින බවට ඇති අසත්‍ය චෝදනා යළි ප්‍රතික්ෂේප කෙරේ
2020-10-21 12:49:03
Share with:

චීනයේ ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තයේ විශාල පරිමාණයේ බලහත්කාර ශ්‍රම තත්ත්වයක් පවතින බව චීනයට එරෙහි බලවේගයන් හී මුල්‍යාධාර ලබන ඔස්ට්‍රේලියානු උපායමාර්ගික පර්යේෂණ ආයතනය වාර්තා කරයි. එය චීන රජයේ ෂින්ජියං ස්වයාත්තය පිළිබඳ ප්‍රතිපත්තියට සිදු කළ හිතාමතා ප්‍රහාරයකි. ෂින්ජියං සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානය 20 වනදා නිකුත් කළ ‘ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තයේ සුළු ජන වාර්ගිකයින්ගේ රැකියා නියුක්ති වාර්තාවෙන්’, සැබෑ සාක්ෂි හා නිබන්ධන ප්‍රතිඵල මගින් එම ප්‍රදේශයේ රැකියා ප්‍රතිපත්තිය ශ්‍රමිකයින්ගේ කැමැත්තට දක්වන ගරු කිරීම හා මූලික මානව හිමිකම් ආරක්ෂා කිරීම සනාථ වී තිබේ.

ෂින්ජියංහි සාපේක්ෂව දිළිඳු තත්ත්වයේ පවතින දකුණු ප්‍රදේශයේ ගම් වැසියන්ගෙන් සියයට 86.5ක් පිට ප්‍රදේශවල රැකියාවල නිරතවීමට කැමැත්ත දක්වා ඇති බව අදාල වාර්තාව ප්‍රාදේශීය රජයන්ගේ සමීක්ෂණ ප්‍රතිඵල උපුටා දක්වමින් පෙන්වා දෙයි. මේ අතර වඩාත් වැඩි ආදායම උපයන රැකියා අවස්ථා ලබා ගැනීමට, රජයේ සහනාධාරය සඳහා ඔවුන් තුළ විශාල අවශ්‍යතාවක් පවතී. ඔවුන්ගේ කැමැත්ත හා ඉල්ලීමට විවිධ මට්ටම්වල රජයන්, රැකියා නියුක්ති ආධාර ප්‍රතිපත්ති රැසක් ක්‍රියාත්මක කර තිබේ. ඒ යටතේ රැකියා නිපුණතා පුහුණුව, රැකියා අවස්ථා සඳහා උපදෙස් දීම සියල්ලම සිදු කර ඇත්තේ ගම්වැසියන්ගේ ස්වයං කැමැත්ත මත බව විශේෂයෙන් පෙන්වා දිය යුතුය. බලහත්කාර ශ්‍රමය, කිසිසේත්ම නොපවතී.

සංඛ්‍යලේඛනයට අනුව වසර 2013ත් 2019 අග භාගයත් අතර කාලයේ ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තයේ දිළිඳු අනුපාතය සියයට 19.4 සිට සියයට 1.24 දක්වා පහල ගොස් ඇත. වසර 2020 අග වන විට ෂින්ජියංහි සමස්ත වැසියන් දිළිඳුකමෙන් මුදවා ගැනීමට අපේක්ෂා කෙරේ. පිටප්‍රදේශවල රැකියා නියුක්තියෙන්, ෂින්ජියංහි සුළු ජන වාර්ගිකයින්ගේ ආදායම විශාල වශයෙන් වර්ධනය වී තිබේ. ෂින්ජියං වැසියන් යෝග්‍ය රැකියාවක නිරතවීම, එහි මානව හිමිකම් ව්‍යායාමයේ දියුණුවට සංකේතයක් වන අතර චීන රජයේ ෂින්ජියංහි පාලන ප්‍රතිපත්තියේ ඵලදායිතාවට ද සහතිකයකි. එය ජගත් ප්‍රජාවේ පොදු පිළි ගැනීමට ද ලක්ව ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන