චීන ආර්ථික පුනරුත්ථාපනය අඛණ්ඩව
2020-10-19 18:40:09
Share with:

චීන ආර්ථික පුනරුත්ථාපනය අඛණ්ඩව

"ලෝකයේ බොහෝ රටවල් තවමත් නව කොරොනා වසංගතය සමඟ පොරබදමින් සිටී. වසංගතය ඵලදායී ලෙස පාලනය කිරීමෙන් පසු වේගවත් ආර්ථික ප්‍රකෘතියක් අත්කර ගත හැකි බව චීනය යළිත් වරක් ඔප්පු කර තිබේයැයි " චීන රජය අද (19 ) තුන්වන කාර්තුවේ ආර්ථික දත්ත නිකුත් කිරීමෙන් පසුව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

අද චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්ව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව මේ වසරේ මුල් කාර්තු 3නේ චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 72.28කි. එය සංසන්දනාත්මකව 0.7%ක වර්ධනයකි. මේ වසරේ පළමු කාර්තුවේ චීන දළ දේශීය නිෂ්පාදිතය 6.8%කින් පහත වැටුණ ද දෙවැනි හා තුන්වැනි කාර්තුවේදී වර්ධනයක් දක්නට ලැබිණ. එහි වර්ධනය වෙන් වෙන් ව 3.2%ක් හා 4.9%ක් විය. මේ වසරේ පළමු හා දෙවැනි කාර්තු දෙක සමග සසඳන විට තුන්වැනි කාර්තුවේ චීන දළ දේශීය නිෂ්පාදිතය 2.7%කින් වර්ධනය වී ඇත.

රැකියා සහ ජනතාවගේ ජීවනෝපාය සහතික කිරීම සඳහා චීනයේ ප්‍රතිපත්ති දැන් ක්‍රියාත්මක බව සඳහන් කළ යුතුය. පළමු කාර්තු තුන තුළ නගර හා උප නගරවල නව රැකියා මිලියන 8.98 ක් නිර්මාණය කරන ලද අතර මූලික වශයෙන් වාර්ෂික ඉලක්කය හා කාර්යයන් සම්පූර්ණ කර තිබේ. කොරොනා වසංගතය වැළැක්වීම සහ පාලනය කිරීම සහ ජනතාවගේ ජීවිත හා සෞඛ්‍යය ආරක්ෂා කිරීම මෙන්ම චීන රජය ව්‍යවසායන් සහ කොරොනා වසංගත‍යේ බලපෑම් සහිත කණ්ඩායම්වලට සහන සැලසීමේ උත්සාහයන් අඛණ්ඩව වැඩි කර ‍ ජනතාවගේ විශාලතම ජීවනෝපාය වන රැකියාව දිගටම පවත්වා ගෙන යාම පසුකාලීන ආර්ථික ප්‍රකෘතියට වැදගත් භූමිකාවක් ඉටු කර ඇති බව පැවසිය හැකිය.

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය ලෙස, චීන ආර්ථිකයේ ක්‍රමික වර්ධනය වැඩිදියුණු කිරීම නිසැකවම ලෝක ආර්ථිකයේ ප්‍රකෘතියට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නවතම ලෝක ආර්ථික දැක්ම අනුව 2020 සඳහා චීනයේ ආර්ථික පුරෝකථනය 1.9% ක් දක්වා ඉහළ නැංවීය.මෙම වසරේ ධනාත්මක වර්ධනයක් අත්කර ගන්නා එකම ප්‍රධාන ගෝලීය ආර්ථිකය බවට චීනය පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.. එම ආයතනයේ ප්‍රධාන විධායක Gita Gopinath කියා සිටියේ චීන ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය ගෝලීය වර්ධන සංඛ්‍යාලේඛන ඉහළ නංවන බවයි. චීනයෙන් කිසිදු කැපවීමක් නොමැති නම් ගෝලීය ආර්ථිකය “2020 සහ 2021 දී සමුච්චිත වර්ධනය සෘණාත්මක වනු ඇතැයි ඔහු පැවසීය.

සමස්තයක් ලෙස ගත් කල, සමස්ත වර්ධන මූලධර්මයන් හී වෙනසක් වී නොමැති චීන ආර්ථිකය තිරසර හා ස්ථාවර ආර්ථික ප්‍රකෘතියක් පවත්වා ගැනීමේ පදනම තව දුරටත් ශක්තිමත් කළ යුතුය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන