චීනය, වසර 10ක් කල් ඇතිව එක්සත් ජාතීන්ගේ 2030 දරිද්‍රතාව තුරන් කිරීමේ ඉලක්කයට, ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ
2020-10-17 14:42:34
Share with:

චීනයේ ජාතික දරිද්‍රතාව පිටුදැකීමේ දිනය හා ජාත්‍යන්තර දිළිඳුකම තුරන් කිරීමේ දිනය ඔක්තෝබර් 17 වනදාට යෙදී තිබේ. ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද දත්තවල සඳහන් දෛනික ඒකපුද්ගල ආදායම ඇ.ඩො. 1.9 යන දිළිඳුබවේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව යමින්, චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක වූ වසර 40 තුළ කෝටි 80ක ජනතාව දිළිඳුකමෙන් මුදවා ගෙන ඇත. එය සමස්ත ලෝකයේ දිළිඳු ජනගහණයෙන් සියයට 70කට වැඩි ප්‍රමාණයකි.දරිද්‍රතාව පිටුදැකීමේ අරමුණ මෙම වසර තුළදී ඉටු කර ගැනීමෙන් පසුව, චීනය එක්සත් ජාතීන්ගේ 2030 අඛණ්ඩ සංවර්ධන න්‍යාය පත්‍රයෙන් නියම කෙරුණු දරිද්‍රතාව තුරන් කිරීමේ ඉලක්කය වසර 10කින් කල් ඇතිව සාක්ෂාත් කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දිළිඳුකම රටෙන් තුරන් කිරීමට තැත් කරමින් සිටින චීනය දකුණු-දකුණු ස‍හයෝගිතාවයන් සක්‍රීයව පවත්වමින්, සංවර්ධනය වෙමින් පවතින රටවල හා ඌන සංවර්ධිත රටවල දිළිඳුකම තුරන් කිරීමට අනුබල හා උපකාර දැක්වීම ද අමතක නොකළේය. බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුව හා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව චීනයේ මැදිහත්වීමෙන් ස්ථාපිත කෙරිණ. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ විවිධ රටවල් සමග එක්ව ගොඩනමින් සංවර්ධනය වෙමින් රටවලට ගෝලීය කර්මාන්ත සැපයුම් දාමයට එක් වීමට සහය දක්වා තිබේ. ලෝක බැංකුව 2019 වසරේ ජුනි මාසයේ දී පළ කළ වාර්තාවකට අනුව, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිලිවෙළ ක්‍රියාත්මක වීමත් සමගම දෛනික ජීවන වියදම ඇ.ඩො. 3.2ට අඩු මිලියන 32ක ලෝක වාසී ජනතාව මධ්‍යම දිළිඳු තත්ත්වයෙන් මුදවා ගැනීමට අපේක්ෂා කෙරේ. එමගින් ගෝලීය වෙළඳාම සියයට 6.2කින් හා ගෝලීය ආදායම සියයට 2.9කින් වර්ධනය වනු ඇතැයි ද තක්සේරු කර ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන