දාමරික ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ලෝකයෙන් හුදකලාවීමට පත් වන ඇමරිකාව
2020-10-16 20:00:43
Share with:

දාමරික ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ලෝකයෙන් හුදකලාවීමට පත් වන ඇමරිකාව

විදුලි සංදේශ ජාලයෙන් චීන සමාගම් බැහැර කිරීමේ ඇමරිකානු සැලැස්මට සහභාගී නොවන බව ජපානය ඇමරිකාවට දැනුම් දී ඇතැයි ජපානයේ Yomiuri Shimbun පුවත්පත අද (16) වාර්තා කළේ ය. චීනයේ හුවා වෙයි සමාගම දකුණු කොරියාවේ 5G ජාල සංවර්ධනයෙන් ඉවත් කරන්නැයි ඇමරිකාව දකුණු කොරියානු රජයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බව මීට පෙර දකුණු කොරියාවේ Yonhap පුවත් සේවය වාර්තා කළේ ය.

ගෙවී ගිය වසරකට වැඩි කාලය තුළ ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo යුරෝපය, මැද පෙරදිග හා ලතින් ඇමරිකාව යන කලාපයන්හි සංචාරය කළ සෑම අවස්ථාවකදී ම චීනයට මඩ ගැසීම පුරුද්දක් කර ගෙන තිබේ. එවන් අවස්ථාවලදී ඇමරිකාව එල්ල කළ පීඩනයන් ඉදිරියේ ඇතැම් රටවල් ඊට අවනත වී සිටියත් බහුතර රටවල් ඊට හසු නොවී සිටි බව දක්නට ලැබිණ. උදාහරණ වශයෙන්, චීනය කොන් කරන ලෙස ඇමරිකාව බලපෑම් කළද සිය යහපත වෙනුවෙන් ඇමරිකාව සමග එක්ව චීනයට එරෙහි වීමට යුරෝපා සංගමය සූදානම් නැතැයි යුරෝපා සංගමයේ රාජ්‍ය තාන්ත්‍රික හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ උසස් නියෝජිත Jose Borrell මහතා ප්‍රකාශ කර ඇත. 5G තාක්ෂණය සම්බන්ධයෙන් චෙක් ජනාධිපති Andrej Babis මහතා කියා සිටියේ ‍චෙක් රාජ්‍යයට චීනයෙන් එල්ල වන කිසිදු ආරක්ෂක තර්ජනයක් දක්නට නොලැබුණු බවයි.

හැකි තරමින් චීනය කොන් කිරීමට උත්සාහ කිරීමට අමතරව ඇමරිකාව ජාත්‍යන්තර සංවිධානවලට තර්ජනාත්මක ආකාරයෙන් කටයුතු කර තිබේ. කො‍රොනා වසංගතය මතු වීමෙන් පසු ඇමරිකාව බොහෝ වාර ගණනකදී ලෝක සෞඛ්‍ය සංවිධානයට විවිධ බලපෑම් එල්ල කළේ ය. ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවට වෙනත් සංවිධානයක් ස්ථාපිත කරන බව පවසමින් ඇමරිකාව එම සංවිධානයට තර්ජනය කළේ ය. මෙවන් දාමරික ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඇමරිකාව සෙසු රටවලට හා ජාත්‍යන්තර සංවිධානවලට තර්ජනය කළ අවස්ථා අනන්තයි. එහෙත් එවන් ක්‍රියාමාර්ග මගින් ඇමරිකාවට චීනය කොන් කළ නොහැකි බව පැහැදිලි ය. අවසානයේ ඇමරිකාවට ලැබෙන්නේ තමන් විසින් ම හුදකලා වීම පමණි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන