කුඩා වෙරළ නගරයක සිට දැවැන්ත විද්‍යා තාක්ෂණික නගරයක් දක්වා පරිවර්තනය වී තිබෙන චීනයේ ෂෙන්චෙන් නගරය
2020-10-15 20:21:13
Share with:

කුඩා වෙරළ නගරයක සිට දැවැන්ත විද්‍යා තාක්ෂණික නගරයක් දක්වා පරිවර්තනය වී තිබෙන ෂෙන්චෙන් හි සංවර්ධන ක්‍රියාදාමය තුළ ‘නිර්මාණශීලිත්වය’ හැම විටම වැදගත් ස්ථානයක් ගෙන ඇත. එය ෂෙන්චෙන් නගරයේ ජාන තුළට අනුබද්ධ වී තිබෙනවා පමණක් නොව, වඩාත් විශාල සංවර්ධන මවිතයක් නිර්මාණය කිරීමට ද එය හේතු වනු ඇත.

චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ආරම්භ කිරීමේ මුල් කාලයේ ෂෙන්චෙන් නගරය ගෝලීය පිරිසැකසුම් කර්මාන්තයට එක් වූ අතර, එය පසුව එහි නව විද්‍යා අධි තාක්ෂණ නිෂ්පාදන කර්මාන්තයට පදනම් විය. පසුගිය සියවසේ අනූව දශකයේදී, ඉදිරි දැක්ම ඇති පෙරළියක් ලෙස එහි නව ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක විය. ෂෙන්චෙන් නගරය පිරිසැකසුම් කර්මාන්තයෙන් ලබා ඇති වාසි අතහැර නව විද්‍යා අධි තාක්ෂණයට ප්‍රමුඛත්වය ලබා දෙන නව සංවර්ධන මාර්ගය සකස් කර තිබිණ. දේශීය ව්‍යාපාරවල ස්වයං නිර්මාණශීලි හැකියාව ඉහල නංවාලීමට පෙළඹිණ. පසුව නව අධි තාක්ෂණික කර්මාන්තය ෂෙන්චෙන් යන්න, රටේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ අත්හදා බැලීම් කලාපයේ දළුලන්න පටන් ගෙන බලවත් විය. ‘ෂෙන්චෙන් නගරය ලෝකයේ සියයට 90ක විද්‍යුත් භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ’ යැයි බ්‍රිතාන්‍යයේ Financial Times පුවත්පත වාර්තා කර ඇත.‍

ගෙවී ගිය වසර 40 තුළ ෂෙන්චෙන් වැසියෝ ‘චීන නිෂ්පාදනය’ , ‘චීන නිපැයුම’ බවට පත් කරලීමට තැත් කළහ. අද දවසේ මෙම නගරයට 5ජී, නව බලශක්ති මෝටර් රථ නිෂ්පාදනය, නම්‍යශීලි සංදර්ශක නිෂ්පාදනය යනාදී නව අධිතාක්ෂණ රැසක් හිමි වී ඇත. අනුකරණය කරමින් නිර්මාණය කිරීමේ සංවර්ධන රටාවක සිට මෙහෙයවමින් නිර්මාණය කිරීමේ සංවර්ධන රටාවක් දක්වා එය හැඩ ගැසී තිබේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන