විශේෂ ආර්ථික කලාප පිළිබඳ ලොව ප්‍රථම හා දැවැන්තම සාර්ථක ආදර්ශනය
2020-10-14 20:06:11
Share with:

‘ලෝකයේ විශේෂ ආර්ථික කලාප 4000ක් පමණ තිබේ. ප්‍රථම හා දැවැන්තම සාර්ථක ආදර්ශනය, ෂෙන්චෙන් ලෙස නිසැකවම හඳුන්වා දිය යුතු’ බව බ්‍රිතාන්‍යයේ The Economist සඟරාව කියයි. ෂෙන්චෙන් විශේෂ ආර්ථික කලාපය ජය ගත්තේ කෙසේ ද? නව යුගයේ චීනයේ විශේෂ ආර්ථික කලාපවල සංවර්ධනය ඉදිරියට මෙහෙයවන්නේ කෙසේ ද? එයින් ලෝකයට කුමන වෙනස්කම් එකතු කෙරෙයි ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු, ෂෙන් චෙන් විශේෂ ආර්ථික කලාපය පිහිටුවීමේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් අද(14) පැවති සැමරුම් සම්මේලන‍යට එක් වූ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සිදු කළ දේශනය තුළින් සොයා ගත හැකි වේවි.

ඔහුගේ ‍දේශනය මගින්, ගෙවී ගිය වසර 40 තුළ එම කලාපය ලබා ගත් ඓතිහාසික ප්‍රගතීන් හා ඉන් ලද වටිනා අත්දැකීම් සාරාංශ කරමින් නව යුගයේ එම කලාපයේ සංවර්ධනය පිළිබඳ සැකසුම් ද ඉදිරිපත් කළේය.

ඇතැම් ජාත්‍යන්තර මහ නගර වසර සියයකින් අත්දුටු ක්‍රියාදාමය ෂෙන්චෙන් නගරය වසර 40කින් අත්දුටුවේය. එය ලෝක සංවර්ධන ඉතිහාසයේ හාස්කමකි. මේ අතර වසර 2019 අගෝස්තු මාසයේ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව ෂෙන්චෙන් නගරය චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී ආදර්ශවත් කලාපය ලෙස ගොඩනැගීම පිළිබඳ තවත් දැවැන්ත තීරණයක් ගනු ලැබීය. එයින් ෂෙන්චෙන්හි ප්‍රතිසංස්කරණ හා විවෘතභාවයට නව ආරම්භයක් එකතු වී තිබේ.

වර්තමානයේදී චීනය ප්‍රතිසංස්කරණ ගැඹුරට ක්‍රියාත්මක කිරීමේ සංකීර්ණබව, සංවේදීබව හා දුෂ්කරතාවන්, වසර 40කට පෙර කාල පරිච්ඡේදය හා වෙනසක් නොමැත. එහෙත් ඉතිහාසයේ නිවැරදි පැත්තේ සිට උද්‍යෝගිවත්බව හා නිර්මාණශීලිත්වයෙන් ලෝකයට තවත් මවිතයක් පෙන්වීමට චීනය තැත් කරමින් සිටියි. ලෝකයෙන් සංවර්ධන ශක්තිය ලබා ගන්නා චීනය ලෝකයට වාසි හා සුභසෙත සලසා දීමටත් සූදානම්ය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන