ලොව බලවත්ම මෙන් යහපත්ම සෞඛ්‍ය සම්පත් හිමි රටේ ඛේදවාචකය
2020-10-13 19:47:12
Share with:

නව කොරොනා වසංගතය මතු වීමෙන් පසු, ඇතැම් ඇමරිකානු දේශපාලනඥ‍යින් දේශපාලන අරමුණ උදෙසා නොකඩවාම චීනය පිළිබඳ බොරු කතා ගොතමින් එය ප්‍රචාරය කිරීම, රහසක් නෙවෙයි. පසුගියදා ඇමරිකානු මහජන මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු කමිටු සාමාජික Michael McCaul, ඊනියා සමීක්ෂණ වාර්තාවක් පළ කළේය. එය චීනයට අපහාස කිරීමේ බොරු කතා එකතුවක් බව පැහැදිලිය.

කෙසේ වුවද චීනයේ වසංගත පාලන ක්‍රියාදාමය සත්‍ය කරුණුවලින් ඔප්පු වී තිබේ. පෙර නොවූ විරූ මෙම ගෝලීය පොදු සෞඛ්‍ය අර්බුදයට මුහුණ දීමේදී චීන ආණ්ඩු පක්ෂය හැම විටම ජනතාවටත් ජීවිතවලටත් ප්‍රමුඛත්වය ලබා දීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කර ඇත. දින අටක් තුළදී රෝගකාරක බීජය හඳුනා ගැනිණ. දින දහසයක් ඇතුලත ඊට අදාළ නව පරීක්ෂණ කට්ටල නිෂ්පාදනය කර ඇත. ප්‍රථම මොහොතෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අදාළ ජාත්‍යන්තර හා කලාපීය සංවිධානවලට තොරතුරු ‍දැනුම් දී තිබිණ. ඉතා ඉක්මනින්ම නව කොරොනා වෛරසයේ ජාන අනුක්‍රමය බෙදා ගනිමින් ජාත්‍යන්තර වසංගත පාලන විධිවිධාන ද යොදා ගෙන තිබිණ.

ජනවාරි 23 වනදා චීනය වසංගතය මුළින්ම වාර්තා වූ ‘වූහන්’ නගරයෙන් පිට වීමේ මාර්ග වසා දැමුවේය. ඒ වන විට, චීනයෙන් පිටත විදේශීය රටවල් හා ප්‍රදේශවලින් වාර්තා වූ කොරොනා රෝගීන්ගේ සංඛ්‍යාව නවයකි. එවිට ඇමරිකාවෙන් වාර්තා වූයේ එක් රෝගියෙකු පමණයි. පෙබරවාරි මාසයේ ඇමරිකාව විසින් චීන පුරවැසියන් කෙරේ දේශසීමා මායිම් වසා දැමූ අවස්ථාවේ ඇමරිකානු රජය නිකුත් කළ වාර්තාවේ ‍ආසාදිතයින් සංඛ්‍යාව 10කට තරමක් වැඩිය. එහෙත් වර්තමානයේ, ඇමරිකාවෙන් වාර්තා වූ කොරොනා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන අටක් වන අතර මරණ සංඛ්‍යාව දෙලක්ෂ විසි දහසකි. ලෝකයේ බලවත්ම මෙන් යහපත්ම සෞඛ්‍ය සම්පත් හිමි රට වශයෙන්, ඇමරිකාවේ වසංගත පාලනය මෙපමණ පරාජයට පත් වීමේ වගකීම, වෙන කිසිවෙකුට පැවරිය හැකි ද?

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන