පශ්චාත් වසංගත යුගයේ සහයෝගිතා පුළුල් කරමින් චීන විදේශ අමාත්‍යවරයා ආසියාන් රටවල චාරිකාවක
2020-10-12 18:52:26
Share with:

ඉන්දුනීසියානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා හා පිලිපීනයේ විදේශ ඇමතිවරයා චීනයේ සංචාරය කිරීමෙන් අනතුරුව, චීන විදේශ ඇමති වං යි මහතා මේ දිනවල කම්බෝජය, මැලේසියාව, ලාඕසය, තායිලන්තය හා සිංගප්පූරුව යන රටවල සංචාරය කරමින් සිටියි. මෙය පශ්චාත් වසංගත යුගයේදී චීනය හා ආසියාන් සංගමය සහයෝගිතා පුළුල් කිරීමේ අරමුණෙන් යුතුව පවත්වන නව වටයේ රාජ්‍යතාන්ත්‍රික හුවමාරුව ලෙස සැලකිය හැකිය.

නව කොරොනා වසංගතය මතු වීමෙන් පසු චීනය ආසියාන් රටවල් සමග එක්ව දුෂ්කරතා මග හැර සමගියෙන් කටයුතු කරමින් වසංගත පාලනය හා ආර්ථික පුනර්ජීවනය සඳහා කැපී පෙනෙන ජයග්‍රහණ දිනා ගෙන ඇත. මේ වන විට සිංගප්පූරුව, ලාඕසය, මියන්මාරය හා ඉන්දුනීසියාව යන රටවල් හා චීනය අතර ‘වේගවත් මානව මාර්ග’ හා ‘පහසු භාණ්ඩ මාර්ග’ විවෘත කර තිබේ. එම රටවල් අතර ජාත්‍යන්තර ඍජු ගුවන් ගමන් සේවා ක්‍රමයෙන් විධිමත් වෙමින් පවතී. චීන-ආසියාන්-නැගෙනහිර ආසියානු කලාපය අතර වේගවත් මාර්ග හා හරිත මාර්ග පිළිබඳ සුවපහසු ප්‍රවාහන ජාලයක් ගොඩනැගීම පිළිබඳව එම රටවල් සක්‍රීය ලෙස සාකච්ඡා පවත්වමින් සිටින බව ද දක්නට ලැබේ.

දැනට ආසියාන් සංගමය විසින් මුලපුරන ලද ‘කලාපීය අංගසම්පූර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම’ හෙවත් RCEP ගිවිසුම පිළිබඳ සාකච්ඡා ක්‍රියාදාමය, වැඩි අවධානයට ලක් වී තිබේ. ඉහළ පෙළේ නිලධාරීන් අතර මෑතකදී පැවති හමුවීම් වලින් අනාවරණය වූ තොරතුරුවලට අනුව, මෙම වසර ඇතුලත එම ගිවිසුමට අත්සන් තැබීම පිළිබඳව විවිධ පාර්ශයන් විශ්වාසයක් මෙන් අපේක්ෂාවක් ද දරා සිටියි. එය නියමිත කාලයට අත්සන් තැබුණහොත්, ලෝක ආර්ථිකය පහළ යාම වැළැක්වීමට මෙන්ම ඒකපාර්ශ්විකවාදය හා ආරක්ෂණවාදය මර්දනය කිරීමට වැදගත් මෙහෙවරක් ඉටු වනු ඇතැයි විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන