අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව හා චීනය අතර අත්දැකීම් බෙදා ගැනීමේ වැදගත්කම
2020-10-10 09:15:41
Share with:

වන අලි ගම් වැදීම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ මුහුණ පා ඇති බරපතල ප්‍රශ්නයක්. ගම් වදින වන අලින් කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් දෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඇත්ත වශයෙන්ම චීනයේ නිරිතදිග ප්‍රදේශයේ යුන්නන් පළාතේත් එවැනිම ප්‍රශ්නයක් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක රැසක ජනතාව, වන අලි ගම් වැදීමේ ගැටළුව වසර 40කට ආසන්න කාලයක් මුහුණ පා සිටිනවා. මිනිසා සහ අලියා යන දෙකොටසම සුරැකෙන කඩිනම් සහ ස්ථිර විසඳුමක් සොයා ගැනීමට මේ දක්වා අසාර්ථක වුණා. කෙසේ වුවද වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව පියවර ගන්නා බව සඳහන් වෙනවා.

චීනයේ යුන්නන් පළාත් රජයත්, වන අලි ගම් වැදීමේ ප්‍රශ්නයට විසඳුම් ගවේෂණය කිරීමෙහි නිරත වෙනවා. එක පියවරක් වශයෙන්, අනතුරු ඇඟවීම සඳහා අයි.ආර්. කැමරා හා මිනිසුන් රහිත ගුවන් යානා භාවිත කර තිබෙනවා. විශාල සතුන්ගේ චලනයක් හඳුනා ගත් විට වහාම අයි.ආර්. කැමරාව මගින් ස්වයංක්‍රීයව ඡායාරූප ගෙන අදාළ අධීක්ෂකයින් වෙත එය ඊමේල් මගින් එවනවා. අධීක්ෂකයින්, එය අලි ඇතුන්ගේ නව ක්‍රියාවක් ලෙස නියම කළොත්, කඩිනමින් ගම් වැසියන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කෙරෙනවා. මේ අතර මිනිසුන් රහිත ගුවන් යානා භාවිතයෙන් වන අලින්ගේ සහ ඇතුන්ගේ ක්‍රියා නිරීක්ෂණය කරමින් එම සතුන්ගේ ගමන් මාර්ගය ගැන අනාවැකි කියන්නත් පුළුවන්.

ශ්‍රී ලංකාවේ බොහෝ ගම්වල ඇති අලි වැට හා අගල් වැනි පියවර චීනයේ යුන්නන් පළාතෙත් යොදා ගෙන තිබෙනවා. මී මැස්සන් ඇති කිරීම මගින් අලි ඇතුන්ගේ ගම් වැදීම වැළැක්වීම, එම ප්‍රදේශවල ක්‍රියාත්මක වන තවත් ක්‍රමයක්. මේ අතර අලි ඇතුන්ගෙන් හානියට ලක්වූ ගම්වැසියන්ට ගෙවන වන්දි දීමනා වැඩි කිරීමටත් ප්‍රාදේශීය රජය පියවර ගෙන තිබෙනවා.

කෙසේ වුවද වන අලින් ගම් වැදීමේ ප්‍රශ්නය විසඳීමට ශ්‍රී ලංකාව හා චීනය අතර අදහස් හුවමාරු කරගැනීමේ හා අත්දැකීම් බෙදා ගැනීමේ ක්‍රමවේදයක් ගොඩනැගිය හැකි බව අප විශ්වාස කරනවා.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන