චීන ආර්ථිකය කොරොනා වසංගතයෙන් මිදී පුනරුත්ථාපනය වී ඇති බවට සංඥා
2020-10-09 20:05:09
Share with:

චීන ආර්ථිකය කොරොනා වසංගතයෙන් මිදී පුනරුත්ථාපනය වී ඇති බවට සංඥා

චීන ජාතික දින නිවාඩු සමය ස්වර්ණමය සතිය ලෙස හැඳින්වේ. එම සතිය චීන ආර්ථිකය පිළිබඳ විමසා බැලීමේ මනා අවස්ථාවකි. ‍ චීනයේ ගෙවී ගිය ස්වර්ණමය සතිය තුළ විවිධ සංඛ්‍යා ලේඛනවලින් චීන පාරිභෝගික උද්‍යෝගය පෙන්නුම් කර තිබේ. ඔක්තෝබර් පළමු දා සිට 8වැනි දා දක්වා චීනයේ සිල්ලර අලෙවිය හා ආහාර පාන කර්මාන්තය මගින් නිර්මාණය වූ වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 1.6කි. එය පසුගිය වසරේ සමාන කාලයට වඩා 4.9%ක වර්ධනයකි. චීන ආර්ථිකය කොරොනා වසංගතයෙන් මිදී පුනරුත්ථාපනය වී ඇති පැහැදිලි ම සංඥාව මෙවර ස්වර්ණමය සතිය තුළින් නිකුත් කර තිබෙන බව ඇමරිකාවේ New York Times පුවත්පත පවසා ඇත්තේ එබැවිනි.

චීන ආර්ථිකය පෙර ආ‍යෝජනය හා ආනයනය මත යැපුණු ර‍ටාවේ සිට පරිභෝජනය ඇතුළු දේශීය අවශ්‍යතාවන් වෙත පරිවර්තනය වෙමින් පවතී. පරිභෝජනය චීන ආර්ථික වර්ධනයට විශේෂ තල්ලුවක් ගෙන දී ඇත. එය වසර 6ක් පුරා චීන ආර්ථික වර්ධනයට බල පෑ ප්‍රධානතම ගාමක බලය බවට පත් ව තිබේ.එමෙන් ම චීන පාරිභෝගික ආර්ථික රටාව අඛණ්ඩ ව හැඩ ගැසෙමින් පවතී. ඩිජිටල් ආර්ථිකයේ ප්‍රබල වර්ධනය එම ක්‍රියාවලිය වේගවත් කරමින් චීන ආර්ථික පුනරුත්ථාපනය සඳහා වැදගත් අඩිතාලමක් දමා ඇත. අන්තර්ජාල සාප්පු සවාරි හා ජංගම ගෙවීම් ක්‍රමය වැනි නව පාරිභෝගික ආකෘති චීන ජනතාවගේ ජීවිතය වඩාත් පහසු කර තිබේ.

චීනයේ පාරිභෝගික වෙළඳපල වේගයෙන් යථා තත්ත්වයට පත් වීමට හැකි වූයේ සාර්ථක කොරොනා පාලනය නිසාවෙනි. එය රජයේ සිට බිම් මට්ටමේ ජනතාව දක්වා රට එක්සත්භාවයෙන් යුතුව කොරොනා මර්දනයේ නියැලී සිටීමේ ප්‍රතිඵලයකි. දරුණු කොරානා වසංගතය හමුවේ කෝටි 140ක චීන ජනතාව ඊට මුහුණ දෙමින් අභියෝග ජය ගෙන තිබෙන්නේ අප්‍රතිහත අධිෂ්ඨානයෙනි. මෙම අධිෂ්ඨානය චීනයට පමණක් ‍නොව ‍ජගත් ප්‍රජාවට ද වසංගතය මැඩලීමේ දැඩි විශ්වාසයක් හා ශක්තියක් ලබා දෙන බව විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන