ඒකපාර්ශ්වික සම්බාධකවලට දැඩි ලෙස සම්බන්ධ ව සිටින ඇමරිකානු දේශපාලනඥයින් මානව හිමිකම් ණය ගෙවිය යුතුය
2020-10-08 17:09:26
Share with:

ඒකපාර්ශ්වික සම්බාධකවලට දැඩි ලෙස සම්බන්ධ ව සිටින ඇමරිකානු දේශපාලනඥයින් මානව හිමිකම් ණය ගෙවිය යුතුය

පසුගිය දින කිහිපය තුළ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ 75 වන මහා මණ්ඩලයේ තුන්වන කමිටුවේදී දරුණු මත ගැටුම් ඇති වී තිබේ. එක් අතකින්, ඇමරිකාව සහ තවත් රටවල් කිහිපයක් චීනයේ මානව හිමිකම් තත්ත්වය ද්වේෂ සහගත ලෙස හුවා දැක්වූ අතර එය චීනය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලදී. මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට ඇමරිකාව සහ වෙනත් රටවල් දරන උත්සාහයන් යළිත වරක් පරාජය කරමින් රටවල් 70 කට ආසන්න සංඛ්‍යාවක් චීනයට සහාය දී තිබේ. අනෙක් අතට, එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත zhang Jun මහතා, මහා සම්මේලනයේ තුන්වන කමිටුවේ මහා විවාදයේදී චීනය ඇතුළු රටවල් 26 ක් වෙනුවෙන් කතා කරමින්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඇමරිකාව හා බටහිර රටවල් විවේචනය කර ඒකපාර්ශ්වික බලහත්කාර ක්‍රියාමාර්ග වහාම සහ සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බව අවධාරණය කළේය. “මානව හිමිකම්” යන නාමයෙන් ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන් මානව හිමිකම් පිළිබඳ යථාර්ථය පාගා දමා මානුෂීය ව්‍යසන ඇති කර ඇති බව ඉන් පෙනී යයි.

කොරොනා වසංගත පැතිරයාමේ තත්ත්වය යටතේ, ඇමරිකාවේ ඒකපාර්ශ්විකත්වය සහ ආධිපත්‍යය හැසිරීම මානුෂීය මූලධර්ම උල්ලං ඝනය කිරීමක් වන අතර, ඉන් නිසැකවම ලොව පුරා සිටින මිලියන ගණනක් අහිංසක මිනිසුන්ට විශාල මිලක් වැය වනු ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, මානව හිමිකම් සුරැකීමේ නාමයෙන් පනවා ඇති සම්බාධක ඇත්ත වශයෙන්ම මිනිසුන් ඝාතනය කිරීම සහ සෞඛ්‍ය, ආහාර සහ ජීවත්වීමේ අයිතිය ඇතුළු මූලික මානව අයිතිවාසිකම් අහිමි කිරීමක් බවයි. මෑතකදී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45 වන රැස්වීමේදී සිරියාව, ඉරාකය, බොට්ස්වානා, සිම්බාබ්වේ සහ වෙනත් රටවල නියෝජිතයින් කියා සිටියේ ඒකපාර්ශ්වික බලහත්කාර ක්‍රියාමාර්ග හානියක් බවයි. නව කොරොනා වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ පරාජය කිරීමට ඇති ප්‍රබලම ආයුධ වනුයේ ගෝලීය සහයෝගිතාව සහ ජාත්‍යන්තර සහයෝගීතාව යැයි රටවල් 26 ක් වෙනුවෙන් කතා කළ චීනය පෙන්වා දුන්නේය.එසේම ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම සාමාජිකයින් සවිස්තරාත්මකව, ඵලදායී හා කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීම සහතික කිරීම සඳහා ඒකපාර්ශ්වික බලහත්කාරී පියවර වහාම හා සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන